Friday, December 25, 2015

සුන්දරයි හැඟුමන්



සුන්දරයි හැඟුමන් ඉපිලිලා සිත මගේ සතුටින්
ලං වෙලා සියොතුන් ගී ගයයි හඬ නගා විගසින්
මල් පිපී ලෙලයි යායට පුරවලා සුවදින්
ජීවිතේ සොඳුරුයි රස උතුරලා පෙර මෙන්

වෙනද නොදැනෙන අමුතු මිරිහරක් ගත පුරා පැතිරෙයි
සිහිල් මද නළ ගෙනයි සැනසුම නව පනක් ලැබදෙයි
ලබැදි බව උතුරා දෝරේ ගලලා සිනා මල් විසිරෙයි
හුරු පුරුදු බව පුරවලා මුලු සිතම කවියක් වෙයි

නැගෙන විට දිනිදුන් අඹර දිලෙනා කිරණ සේ උතුරන නැවුම් බව
වඩින විට සඳවතිය මිහිපිට ගෙනෙන සේ  මුදු සිහිල් බව
ගයන විට පෙම් ගීය කෙවිලිය නෙත රැදුන සේ කෝල තුටු බව
හැඟෙන විට මා ගතම පුබුදුවන ඔසුව සේ දැනෙයි මේ සොඳුරු බව

මනකල්ය ලොව දැන් සැනෙකෙලි කරයි සිත සතුටින්
කිමද මේ  හැටි කාරනා එනමුදු එකදු පැනයක් වෙයි
මන්ද මේ විමසුම් සකි සඳේ නැතිය අන් කිසිත් සම වෙම්
ගෙදර ඇවිදිල්ලා කාලෙකින් නිදසේ මම ගෙදර ඇවිදින්...



Tuesday, December 22, 2015

නිවී සැනසෙති උතුම් මිනිසුන්



සිනිඳු සුදු මුදු මංපෙතක් නැත
සරන්නට දිවි වංකගියේ...
මිහිරි සොඳුරැති නෙක දසුන් නැත
ජීවිතේ වන දුර්ග අරණේ...

නේක විද අහියෝග මතුවෙයි
ගිඟුරුවාලා සිතේ සැනසුම්...
සිව් දෙසින් ගලනා වදන් වැල්
සසලවාලයි තමන් අභිමන්...

සතුට සැනසුම දෝරේ ගැලුවත්
විටෙක ගෙනදී සොඳුරු හැඟුමන්...
ඒ සිනාවම ගෙනයි කඳුක්
විසුරුවාලා එවන් හැඟුමන්...

ඉපිද මියෙනා ජීවිතේ ඇති
අරුත මෙය බැව් දැන නැණින්... 
දස අතින් ගලනා ගලනා බාදා අභිමුවේ
නිවී සැනසෙති උතුම් මිනිසුන්...



Wednesday, December 9, 2015

ඔබට හැකිද මිනිසුනේ



ගල් ගසන්නට හැකිද මිනිසුනේ
තම වගේ තව එකෙක් නසන්නට...
එකම පැහැයෙන් ගලන රුහිරෙන
තෙමාලිය හැකි වේද මිහිමව...

කිසිදාක වරදක් නොකල උන් මෙන්
අත අවි දරා නසනා ජීවිතේ
ගැලූ කඳුලක් හෙලූ සුසුමක් නොදනෙනා විලසට
කෙලෙසකද තොප සිත රළු උනේ...

සමාවක් ගැන සිතන්නට වත්
නොහැකි නම් හදට ඔබ කිසි ලෙසේ...
උතුම් මිනිසත් බව ලැබූවේ කුමකටද
හැකි නම් ඔබ ඔබෙන් විමසනු මැනේ...



Monday, December 7, 2015

සිත්තමකි ජීවිතේ





සිත්තමකි ජීවිතේ
පාට පාටින් හැඩ වැටුන
සොඳුරු සිත්තරු ඔබයි
තෙලිතුඬයි ඔබ මනස

නේක විද පාට පිරි
අමුතු හැඟුමන් ගොඩයි
කැලතිලා පැතුම් පොදි
ජීවිතේ පාට වෙයි

අඳුරු වී මිලින වී  සිතුවම ම බොඳ උනත්
සිහිනෙකින් වත් විටෙක සුබ වර්ණ නොපෙනුනත්
දිය දහම මෙය බවම නුවණින්ම සිහි කරන්
සසැලුනත් නොසෙලවී සිත්තරුන් සිනාසෙත්

මකාලිය නොහැකි නොහැකිමුත් ජීවිතේ පිංතූරේ
වෙසෙස් සිත්තම් කරුට හැකි නොවද සරසන්න
සිතා සිත් දිරි රැගෙන - මවාලා නව වර්ණ
අදිවී සිතුවම ම සොඳුරු සේ පෙර මෙන්ම

බලාපොරොත්තුවේ පැහැය
මනුසත් බවත් සමඟ මුසුකොට
අදින්න සිත්තරු නොවෙද
උතුම් මනු මිහිලොවම



Sunday, November 29, 2015

මිහිරි මතකය සිතෙන් මතුවේ



කාලයේ වැලිතලාවෙන් වැසි
මතකයේ නිම් තෙරක රැදි
සිහිනයක පමනක්ම සරනා
සුවහසක් සිතුවිලි මහද සරනා

බාලයේ කිරි සුවඳ කැටිවූ
නිදහසේ සුව සමඟ මුසු වූ
සොඳුරු කෙළිලොල් එවන් කාලය
මදහසක් මා මුවඟ රැදවූ...

ගුරුපාරේ මල් පිපින උදයේ
කුරුලු කූජන ගැයෙන සමයේ
සුදු වතින් සැරසී පාසලට ගිය
මිහිරි මතකය සිතෙන් මතුවේ...

වැහිදාට පොද වැස්ස අතරින්
මඩ වතුර දුටු විගස සිත තුටින්
දඟ කරන්නට අම්මාට රහසින්
අකීකරු බාලයක් විය 
ගත පුරාවට පිරුන විකුමන්...

අදත් සිහිවේ එවන් හැඟුමන්
ඉතිර යයි සිත සොඳුරු මතකෙන්
ලැබුනොතින් ඉසිඹුවක් යම් විට
නවතීවි මා එවන් කාලෙක...




Thursday, November 26, 2015

කම්මැලී ජීවිතය


පාට පාටින් දිලුන - සායම් කුප්පි ටික
වේලෙනවා ගේ මුලුලේ
සිතුවමක් වත් අදින්නට
හිතක් වත් නැහෙනේ එන්නේ...

පැදි පෙළක් ගලපන්න
අකුරු වැල් අමුණන්න
තරම් වත් සිතක් නැහැ
කම්මැලී ජීවිතය...



Sunday, November 22, 2015

නික්මිලා රහසින්...



නවාතැන් පළ ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ...
එදා තෙපලූ ඔබ කොහිද සබදේ....

සසර සරනා තුරා 
ඔබ මගේ... ඔබ මගේ....
සපත කල ඔබ මුව 
ගොලු උනිද කෙලෙසේ....

අන් ලඳක් නැත සොඳුරු ඔබ රුවසේ
මිහිරි වෙයි ඔබ තෙපුල් මට සඳවතියේ...
පෙර පිනින් මම ලදිමි අත ඔබගේ
කියූ කාලය අමතකද සබඳේ....

හැර ගියේ ඇයි දැයි නොදන්නෙමි නික්මිලා රහසින්...
චපල නැති බව පමනක්ම දන්නෙමි ඔබට කිසි විටෙකත්...

හිතවතුන් නෑසියන් මාපිය හැමදෙන විමසද්දී තතු ඔබගේ
මුව ගොලුයි මා, කෙලස කියන්නද ඔබ නො එන බව සබඳේ....

කඳුලු වැල් හැම රෑක සිටියත් මගේ ලඟ රහසේ...
ලෝකයෙන් සඟවා පිසාදා හරින්නම් සිනාවෙන් නිබඳේ...

පෙර එදා සිත් බැඳි මතකයන් කෑ ගසයි නම් ලද ඉඩකින්...
පෙලයි නම් සිත වද වේදනාවෙන් පාරවා හැඟුමන්...
ඔබේ ලොව තුල මා නොමැති බැව් කියයි නම් ඔබ දිවුරලා මැනවින්....
එලඹ ඇත දැන් සුදුසු කාලය කුරුටු ගා සදහටම යන්නට අපේ පෙම් පැතුමන්...

උතුම් මෙහෙසිය මහා ගුණ පිරි යශොදරාවක් නොවේ මම සබඳේ...
රලු කටුක දිවි මගේ සරනා හුදු ගැහනියකි මේ දියතේ...
එහෙත් එනමුදු කුළුදුල් පෙම පිදු හද ගැන නැහැ ද්වේශයක කෙදිනකවත්..
ඔබ මගේ නොව්නත් පතන්නම් සියලු සෙත් යහපත්....






Saturday, November 14, 2015

දිවිය සරසන බොළඳිය...



කෝළ හසරැලි සිඟිති ඉඟි බිඟි
මුවඟ ගැවසුන බොළඳිය...
සොඳුරු මියැසිය කිරි සිනා පිරි
දිවිය සරසන දියණිය...

විසල් නෙතු යුග පුරා පැතිරුන 
මියුරු ජීවන රස...
දකින විට ඔබ සිඟිති හසරැලි
නිවෙයි හද රැදි ගිම් හැම...

මගේ හද විජිතයේ 
කිරුළ ඔබ දූ කුමරිය...
හෙලමි දහඩිය තුටු සිතින් මම 
ඔබේ හෙට සුව පිණිසම...

අඳුර දුරලා අඹර දිදුලන
සරා සඳ සේ හැමවිට...
නැණ නුවණ සරි - ගුණ සුවඳ පිරි
සඳවතිය වෙයන් ඔබ මතු දිනයක...




Friday, November 13, 2015

රෑ මැදියම මැවෙන මතක...



හිත පෑරෙන කවි කියවෙන
නිදි නැති නෙතු ගතු කියවන
රෑ මැදියම
මැවෙන මතක...

දුක්බරවූ අතීතයක
සුසුම් අතර සැරිසරන්න
කඳුල සමඟ ලෙන්ගතුවුන
අකීකරුම මගේ මතක...

හද පාරා රිදුමන් දෙන
වලලන්නට පෙර සැඟවුන
ඇඟ මස් ලේ වැද කකියන
සීතලවූ අඳුරු මතක...



Tuesday, November 10, 2015

රඟමඩලේ අපි...



ජීවිතය නම් රඟමඩලකි - රඟන නලුකැල ඔබවෙතී 
කියූවද වියතුන්
සිතුවෙ නෑ එය සැබෑවක් යැයි කියා
හැදින හදුනා ගන්නා තුරා...

නේක දස්කම් - පාලා විස්කම්
මවන අරුමැසි මියුරු ලෝකය
බොදව යයි එක් අසුරු සැනකින්
දිය දහම මෙය යැයි මුමුනමින්...

එදා දුටු රුව - මෙදා වියකෙයි
නොසිතු දේ එක් වරම සිදුවෙයි
අතිර බව පමනක්ම රදවා
රඟමඩල අපි සැවොම රඟදෙයි...



Friday, October 23, 2015

කාලාත්‍රයේ යාත්‍රකයානෙනී...


කාලාත්‍රයේ යාත්‍රකයානෙනී,
දෙන්න මට ඔබ වරම
පියඹා යන්නට අතීතයට....
එබී බලන්නට අනාගතයට....

මඟ වැරදුන තැන් බොහොමැයි
නිසි මාවත් රිසි නොවුනයි
උඩඟුව මානෙන් පීඩිතවූ සඳ
කෙම් බිම් පසු කර ඇදුනයි....

මට යලි මාවම හමුවන මොහොතක
කියා ගන්න ඇත දහසක් දේ
අතීතයට ගොස් මුමුනා එන්නම්
නිමේශයක ඉඩ දෙනවා නම්....

නව සිතුවිල්ලෙන් නැවත සිතන්නට
ජීවන මංපෙත එළිය කරන්නට
ලද දිවියේ සුබ අරුත් දකින්නට
පොරොන්දු වෙනවා මං....


Wednesday, October 21, 2015

ජීවිත ගමන...



සැලෙන සසැලෙන විටෙක හිනැහෙන
කඳුල සුසුමද නිබඳ ගැවසෙන
මහා මිරිඟුව....

යදින අයදින විටෙක පුදදෙන
උස් පහත් බිම් නිතර හමුවෙන
නොනිමි මංපෙත...

ගෙවෙන ගතවෙන විටෙක ලත වෙන
අරුම මියැසිය නොවෙද
ජීවන ගමන...




Tuesday, October 13, 2015

ආදරේ හිමිකාරියේ...



පුරා පෙරුමන් පතා පැතුමන්
රුහිරු වගුරා කඳුලු වපුරා
දිනා ගත්තා මා...
මම ඔබේ කර ගත්තා...

කිරුල නොපලන් රැජිනියයි ඔබ
මහද ගැස්මේ රිද්මයයි ඔබ
මුදු සුමුදු සඳ සිසිලසත් පරයන
ආදරේ හිමිකාරියයි ඔබ...

බලා කල් යල් සුදු නෙලුම සොඬින් ගෙන
ඔබේ කුස වැඩි දෙව් පුතුන් නම් මම නොවේ
ජීවිතේ සැඬ කටුක යුගයක
සෙවු පිළිසරණ නම් ඔබමවේ...

තවම නොදනිමි අන් කෙනෙක් මට
සම කරන්නට ඔබේ ලඳේ...
ජාති ජාතිත් පත්න්නේ මම
ඔබෙම වේවා සංසාරයේ...




Wednesday, October 7, 2015

සොඳුරු මිනිසා ඔබයි




චන්ඩ ලෙස ගලා යන සැඩ පහර මම
සකල විද බාධකත් ජය අරන්
කල් යල් ගෙවා නිසල නඳියක්ව ඔබ වෙතට ඇදෙතැයි සිතා
සුමුදු ලෙස සිප ගන්න පෙරමඟම බලා සිටිනා
මහා සමුදුරයි ඔබයි, තාත්තේ මගේ...

හිතුමතේ ගසා යන අකීකරු සුලඟ මම
සැඩ සුලඟ මුදු සිනිඳු කර
සොඳුරු මකරන්දයෙන් මද පවන සරසන්න හැකි යැයි සිතා
ජීවිතේ පුරාවට මහා වෙහෙසක් දරන
සොඳුරු මිනිසා ඔබයි, තාත්තේ මගේ...



Thursday, October 1, 2015

සොඳුරු ඇරයුම මෙයයි...



එන සීත මදරැල්ල හද ගිම් නිවයි...
කිසිදාක නොදනිච්ච හැඟුමන් ගොඩයි
පෙරදාක දුටු ලොවම
හැඩවී පෙනෙන්නේ
මේ කිම්ද නොදැනේ
හැමදාම සිත සොයපු සොඳුරු සිහිනේ වගෙයි...

සියොතුනේ නුඹේ  ගීයේ අමුතු මිහිරක් ගෙනෙයි
වෙන තතක නැලවෙනා මියුරු සරයක් වගෙයි
රුඳු කතර සනසන්න
කෙම් බිමක් එහි වෙන්න
දෙව් ලියක් මිහිමතට වැඩියද සිතෙයි...

වන මලේ රුව ඔබේ නෙත රසදුනයි
රුව සේම සුවඳත් හදවත පිනයි
මා ගාව නවතින්න
මගෙ ලෝකෙ සරසන්න
එනවාද මියුලැසිය ඇරයුම මෙයයි...



Tuesday, September 29, 2015

ඇයි මයේ මැණිකේ ඉගිලිලා ගියේ ඈතක...



ඉර මල බැහැල යනකොට හැන්දැවේ
ආකාහෙත් හරියට රතු පාට වද මලක් වගේ
මතකද මැණිකෙ ගුලි වෙලා එක පොදියට
පෙම් බස් දොඩපු හැටි එ කාලේ...

පොඩියට කූඩුවක් හදලා
හුරතල් පොඩි පැටව් ටිකක් එක්ක ඉන්න
උඹට මතකද,
හරි ලස්සන හීන මාලිගාවක්ම අපි දෙන්න හැදුවා

වලාකුළු එක දෙක ඇවිත් අහස හෙමිහිට වැහිලා යනකොට
මට හිතුනෙම ලස්සනට දේදුන්නක් පායන්න වෙන්න ඇති කියලයි හාමිනේ...
මයෙත් එක්ක කිසි කතාවක් නැතුව ඈත අහස දිහාම බලාන ඉන්නකොට හිතුනේ
අපේ පොඩි පැටව්න්ට දවසක මේ ආකාහේ පියාඹින කියලා දෙන්න හීන මවනවයි කියලා හාමිනේ...

ලස්සන පාට පාට හීනයක් වගේ තාමත් මතකයි
ඒ කාලේ....
අනේ ආපහු කවදා ඒවිද මල් පිපෙන වසන්තේ
උඹේ පුසුඹ තුරුල් වෙලා උණුහුම් වෙන්න...

අද මමයි හිස් අහසයි...
ඔහේ හූල්ල හූල්ල ඉන්නව
අනේ ඇයි මයේ මැණිකේ
ඉගිලිලා ගියේ ඇයි නොපෙනෙනා ඈතක...




Sunday, September 27, 2015

කලණ මිතුර මා හිත මිතුරාන...


මියුරු වදන් මුව අඟ රැදි මදහාස
කෙලි කවට කතා තෙපලන හිත මිතුරාන...
බාලේ පටන් සෙවනැල්ලයි තනි මැකුව
සෙනෙහස ඔබෙ තරම් වෙන කාගෙන් ලැබුව....

එක පත බෙදා එකටම කනවා අදටත්...
පොඩි සන්දියේ මල් මතකය ඇත තවමත්
සිදාදියේ රස්නෙට රැස් අඩු නොව්න
ඔබෙ හොඳ හිතට පරදින්නෙ මොනවද සොයුර...

සිනහව කඳුල සැප දුක යස අයස හැම
බෙද ගන්න ඔබ නොවැ මට වෙන කව්ද...
හිරු සඳු සේම දිදුලන කළණ මිතුදම
තිමිරය ඉරා පුබුදයි හිත හැමදාම....

බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවන...
ජාතිත් පැතුවෙ වෙන්නයි ඔබ සකි සඟයාන...
ලේ මස් ඇට නහර විනිවිද ඇති මිතු දම් සමග
පෙරුමන් පුරමු එතෙරට යන්නට සසර...



Tuesday, September 22, 2015

වසන්තයේ පැතුමන්...



සුන්දරයි - සසලයි
නිල් අහස ඔබේ සිත වාගේමයි...
රැලි නඟයි - ගැඹුරු
වැව් තලය මගේ හිත වාගේමයි...

එදා ලඟ හිඳ ගී ගැයූ
සියතුනී ඔබ කොහි ගියේ...
ඇයත් අද නැ... ඔබත් මෙහි නැ...
අඳුර විතරයි නැවතුනේ...

තුරුල් වී හිඳ ගී ගැයූ
සබඳ කෝ ඔබ අතු ඉතී...
මම ම විතරයි - ඔබ ඔබත් දුබලයි...
කවදාද  වසන්තෙක සැනසිලී...



Tuesday, September 15, 2015

සැඟවෙලා යයි බිඳුන හදවත ඔබේ ලෝකෙන් නොපෙනෙනා දුර ඇතක...





සුනිල දිය රැදි දිය කඳුර මම වෙමි පැතුවෙ රුදු වැලි කතරක...
සිහිල කුමටද, චණ්ඩ හිරුටයි ආදරේ මම කියයි නම් මුළු කතරම...
සරා සඳ වන්නටයි සිතුවේ අමාවක කලු අහසට...
ඝණ අඳුරම සැපයි මට කියයි නම් ඒ අහසම...
බලා කල් හිඳ, සියල් තතු දැන නෙසැලෙනා මහ මේරු පව් විලසට....
ලොව නොදත්තත්
බොහෝ වෙහෙසයි
තනි වෙල ඔහෙ සසැලෙනා හඳවත...


මගේ සඳ ඔබ තරුත් නොදිලෙන මේ විසල් කළු අහසට...
සිහිල ඔබ මිස කවර සැපතද ගිනි අරන් දැවෙනාවු මේ ගිනි කතරට...
කියපු දින ඔබ දිවුරලා සඳ තරුත් සහතික කර...
කවුද සිතුවෙ හැර දමා යයි කියා මෙලෙසක
ගිම් නිවූ ඒ හදවත...


ඝණ අඳුර වේනම් එළිය විසල් මහ අහසට...
රුදුරු හිරුම පමනක්ම වේ නම් සිහිල මහා වැලි කතරට....
ඝණ අඳුර සඳ එළිය හා එක්ව නොසිටිනා ලෙස...
දිය කඳුර රුදු හිරු හමුවෙ වියලෙනා විලසට
සැඟවෙලා යයි බිඳුන හදවත  ඔබේ ලෝකෙන් නොපෙනෙනා දුර ඇතක...



දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash