Monday, July 9, 2012

රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද...



තරු... අපි රෑ අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට අහස පුරවට මල් ඉහිරුනා වගෙ තියන තරු... සමහර වෙලවට හිතෙ තියන දුක, කාන්සිය තනිකම වගෙම සතුට, සොම්නස බෙදා හදා ගන්නෙත් අහසෙ ඉන්න තරු. ඒකයි ගොඩක් කවියො කලාකාමියො රාත්‍රියට පෙම් බදින්නෙ. රැයේ සුන්දරත්වයට අපූරවත්වයක් දෙන්න තරුවලට පුළුවන්. පුර හඳ ගැන කොච්චර කතා කලත් තරු නැත්නම් සඳ තනියම. ඒ විතරද ඇයි දවලට පේන් තරු...අපි ඒ තරු නම් බලන්න එච්චර කැමති නැහැනෙ.

මම මේ කියන්න යන්නෙ එහෙම තරු ගැන නෙවෙයි. ඇත්තටම දවලට තියන තරුවක් ගැන. අපිට පෙනුනත් බලන්න බැරි තරුවක් ගැන. ඇත්තටම මොකකද මේ අපිට පෙනුනත් බලන්න බැරි තරුව... සූර්යයා.

සූර්යයා හිරු දිනකර දිවාකර... තව කොච්චර නම්  තියනවද... තවත් විදියකට කියනවා නම් අපෙ සෞර්ග්‍රහ මණ්ඩලයෙ ප්‍රධානිය. අපෙ ජීවිත වල පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක්. ඇත්තටම මොකක්ද මේ
සූර්යයා කියන්නෙ. මීට කලින් ඉර කියන්නෙ මොකක්ද කියලා හිතල තිබුනද. රතු ඉර, කහ ඉර නෙවේ, ඉර ගැන සූර්යයා ගැන.

දන්නවද අපේ ඉර කොල පාටයි කියලා. දෘශ්‍ය විකිරණ වර්ණාවලියෙ කහ -කොල වර්ණ අතර පිහිටලා තියනව කියලා. නමුත් පෘථිවියේ ඉන්න අපිට නම් ඉර එලිය එක එක පාටයි.උදේට කහ පාට,දවල් කාලෙදි සුදු පාට,හවසට හරිම ලස්සනයි,අපිට හිතා ගන්නත් අමාරු ලස්සන වර්ණ සන්යෝජනයක්. ඇයි මෙහෙම වෙන්නෙ ?

හැනදෑ ආකාසෙ සුන්දරත්වය නරඹපු ඔබ මොහොතක් මේ ගැන හිතුවාද මේ වර්ණ වෙනස  පිටිපස්සෙ පොඩි විද්‍යාත්මක පසුබිමක් තියනවා කියලා. නමුත් බොහොම සුන්දරයි.

ඉතින් අපි ඉදිරි ලිපි තුලින් හමුවෙමු. අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...

Sparkly Smiley Star

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash