Tuesday, April 25, 2017

ලුහුබදිති



අගක් නැති මුලක් නැති
මඟක් ඇති ලොවක් ඇති
සිනා කෙළි කවට ගති
සුසුම් ලැතැවුල්ද ඇති

නේක දන සැරිසරති 
ජය ටැඹක් සොයා නිති
සම බරද දන්නෙ නැති
මිරිඟු දිය ලුහුබදිති



Tuesday, April 11, 2017

පාවෙලා


විඳිමි විඳිනෙමි පාවෙලා
සිහිල් සුලඟේ දැවටිලා
සුමුදු සුදු මුදු තටු සලා
ජීවිතේ රස ඉම් සොයා

නිකිමිලා මව් සෙනේ උතුරන
ලොවෙන් දිවි මං පෙත් බලා
හමුවේද කෙම්බිමක් කෙදිනක
සිහිල් උනුහුම ගැවසෙනා

රැවටෙනා සිත නේක සිතුවිලි
පිරිවරා හැඟුමන් පුරා
මිරිඟු දියවර ගිම් නිවාවිද
දැවෙන සිත සිහිලක් වෙලා





දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash