Monday, October 17, 2016

අත්තටු ලැබිලා




විහිදී යාවී විසිරී යාවි 
සිතුවිලි දිගන්තයේ...
පවනැල්ලේ වෙලිලා
ඈතට දුර ආකාසේ...

සිතිජ ඉමව්වේන් එහා
නෙපෙනෙන ඉමකට
අත්තටු විහිදා...
පියඹා යන්නට යාවි

රහසක් හදවත පතුලේ
සහසක් මතකය අතරේ
සතුටක් ගෙන ආ සසරේ
වෙහෙසක් නිවූ දිවි කතරේ

ලැබිලා - අත්තටු ලැබිලා
හෙමිහිට යනවා -පියඹා 





Monday, October 10, 2016

ජීවන සක්මන



කලඹ කලඹා සහස් මතයකය
යන්නෝ ද එති එන්නෝ ද යති
සොඳුරු බව සොයලා...
දිවියේ පැහැ ගන්වා
තෙරක් නොදකින ජීවිතේ ලියලා....

නඟති කඳුලක් ගැඹුරු සුසුමක්
යලිත් හිනැහෙන්නටම වරමක් 
වරම් ලද උන් හමු වේද දිවියේ...
සදාකාලික වූ 
සොඳුරු බව ලද...

සැපත සදනා මං සොයාලා 
වෙහෙස වී
පවුරු පදනම් බිඳ වැටෙයිදෝ
මාවතක් නැති ජීවිතේ... 
ජීවිතේ... ගීතයේ....




දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash