Wednesday, January 25, 2017

පිවිතුරුම පළමු පෙම



සඳ එළිය වගේ සිසිලැල්
හිමිදිරිය වගේ මනලොල්
ලොව පෙමක් තිබේ නිකැලැල්
නැත කිසිත් එයට සම තුන්කල්

සුදු පියුම් පරදවන 
පිවිතුරුම පළමු පෙම...
ස්නේහයේ ගීතයේ 
සුමුදු මුදු රන් රාව...

ඉකිගසන ජීවිතේ සනසවා 
තුරුලු කරවා ලැමට දෝතින්...
ලොවම සනසන ලොවම නැලවෙන
අන් දෙයක් වෙයිද වෙන යම්...


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash