Sunday, March 26, 2017

පවසන්


සයුරු දළ රළ එක්ව රඟනා
සිත් වෙරළ සිඹිනා
යලි යලිත් නැගෙනා
කැටිති පෙණ පොකුරු දැයි පවසන්

තුන් යමේ සීතලට
තරු එළිත් නිදි රෑක
ඝණ අඳුර විනිවිදින
මුදු ස්වරය ඔබද පවසන්

මදහසින් ලොව පිබිද
සිත් පතුල් මත සරන
සිතිවිලිද ඔබ මගේ
හොර රහසෙ සෙමින් පවසන්


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash