Monday, September 19, 2016

පොතේ කතාව






දුර ඈත  වන අරණ - වැජඹුනේ පෙර දිනේ
නැණැස් එළි නගන්නලු - මිහිළි සිඹ සැගවුනේ

පත් අගට එක් රොක්ව - ගී ගැයුව විහඟුනේ
නුඹේ ගීයේ තාල නැති - කාලයක් ගත උනේ

නෙක රටා හැඩ දමා - මොනවාද ලියවුනේ
අරුත් පද කියාලයි - සහස් දන කියැවුවේ

සිත් පුරා පිබිදුවේ - නව ලොවලු හෙට දිනේ
පොත් ගුලක හිඳී අද - දහස් ගව් දුරු රටේ





Thursday, September 8, 2016

සැනෙකෙළිය



සැනෙකෙළිය මේ යැයි සිතා
මවා සහසක් රූ රටා...
පාති දන නෙක අනඟ රැඟුමන්
මෝහයෙන් මන් මත් වෙලා...

පාට වත්සුනු තවරලා
නෙක කෝල බැලුමන් ඉතිරිලා...
දෝරෙ යයි මදහසින් කැලතී
සරාගී බව උතුරුවා...

සිහින දහසක සැඟවිලා
තුන් සිතම වී මං මුලා
රඟති රඟදෙති සැවොම සමරති
අරුත් සඟවා හිනැහිලා...




දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash