Sunday, January 31, 2016

අමිහිරිම පිලිතුර

විසල් සිතුවිලි ගිගුම් දේ හද පාරවා හැඟුමන්
ලොවක් නිදිගත් මැදියමේ සිත හඬයි ඉකි ගසමින්
මගේ අතගෙන මටද පෙම්බැදි ඔබද මේ සිතමින්
සුසුම් ගුවනට විසි කරන්නම් පරම පිවිතුරු ප්‍රෙමයේ නාමෙන්

පතිනියක වී අපේ ලොව තුල කිරුළ දරනට දුටු සිහින වියැකෙයි
යෙහෙළියන් ආසිරි සිනා මැද කුලගෙට වඩිනු දුටු සඳ ඇස සෙමින් තෙත් වෙයි
ඇගේ අතගෙන එහි සිටින්නෙ සිටින ඔබමදැයි සිත මගෙන් විමසයි
අමිහිරිම ඒ පිලිතුර සැබෑ බව අද ලොවම මට පවසයි...

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash