Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Friday, March 30, 2018

හැන්දෑවේ




චංචල වී ගල් ගැහුනා සිත මොහොතක්
සිතන්න වත් සිත් නැති නිමේශයේ
පුපුරා වැටුනා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

දබර කරන ඉවසිලි නැති මහ හුළඟක්
අරන් ආව අන්ධකාර වළාකුලක්
ගුගුරා හැලුවා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

රූරා වැටුනා සිත්තම් ඇදුනා
කවි සිත සැලුනා පද වැල් බැදුනා
උතුරා යන මහ වැස්සක්
ඉඩෝරයක ඉම දකිනා හැන්දෑවේ



Thursday, November 9, 2017

ගිම් නොනිමි



මන බඳින නෙක දසුන්
නඟයි මදහස් හැඟුම්
දරා ගෙන නෙක සිතුම්
ගෙවෙයි දින කල් ගෙවුම්...

වතේ රැඳි මදහසින්
සැරසෙයිද සිත සිතුම්
සුනිල් සන්සුන් හැඟුම්
මතු වෙයිද විඩාවෙන්...

රඟ මඬල නළු දනන්
නෙක මුහුනු පලදමින්
සොයයි සැනසුම් සුසුම්
ගිම් නොනිමි ජීවිතෙන්...

Thursday, August 31, 2017

aluth mihira

Image result for new beginning


සහස් සිතුවිලි රහස් කියනා
සීත මැදියම සසලවා
හීන තැවතුර සිතම මත් උන
සොඳුරු ගී පද කියවෙනා...

නීල දෙනයන මතින් මත් කල
රුවක් සිත්තම් වෙලා
සුසුම් පොද හද නැගෙන රාවය
අලුත් මිහිරෙන් සැරසුවා...


Thursday, June 15, 2017

සියපත




ළහිරු කිරණින් පිබිද - අවසරද හිනැහෙන්න
ගී ගයන විහඟුනේ - කියන් රහසින් මෙමට

තිමිර බිඳ සිනාසෙන - සොඳුරු සියපත වෙන්න
සහස් අරුණලු එක්ව - මකරන්ද විහිදන්න
විඩ බර ලෝ සතට - සිනා කැන් පොද වෙන්න
කලල් දිය මැඩ එන්න - අවසරය මට දෙන්න


Wednesday, May 17, 2017

පොඩි කුරුල්ලෙක් වගේ



සොඳුරු නම් මල් සුවඳ වාගේ
සිහිල් නම් මද පවන වාගේ
ගලා යද්දෙන් ඔහේ 
පා වෙලා ජීවිතේ...

රැදුනි නම් මුදු ගුණය සේම සඳේ
පියකරුයි නම් සිතුම් වැල් නිති හදේ
පසුතැවි නම් තිබුනදෙන් කොහේ
ගලායන්නට ඉඩ දෙන්න ජීවිතේ...

තටු සලා පොඩි කුරුල්ලෙක් වගේ...
ඉගිලිලා 
ඈත නිල් ආකහේ...


Tuesday, April 11, 2017

පාවෙලා


විඳිමි විඳිනෙමි පාවෙලා
සිහිල් සුලඟේ දැවටිලා
සුමුදු සුදු මුදු තටු සලා
ජීවිතේ රස ඉම් සොයා

නිකිමිලා මව් සෙනේ උතුරන
ලොවෙන් දිවි මං පෙත් බලා
හමුවේද කෙම්බිමක් කෙදිනක
සිහිල් උනුහුම ගැවසෙනා

රැවටෙනා සිත නේක සිතුවිලි
පිරිවරා හැඟුමන් පුරා
මිරිඟු දියවර ගිම් නිවාවිද
දැවෙන සිත සිහිලක් වෙලා





Sunday, March 26, 2017

පවසන්


සයුරු දළ රළ එක්ව රඟනා
සිත් වෙරළ සිඹිනා
යලි යලිත් නැගෙනා
කැටිති පෙණ පොකුරු දැයි පවසන්

තුන් යමේ සීතලට
තරු එළිත් නිදි රෑක
ඝණ අඳුර විනිවිදින
මුදු ස්වරය ඔබද පවසන්

මදහසින් ලොව පිබිද
සිත් පතුල් මත සරන
සිතිවිලිද ඔබ මගේ
හොර රහසෙ සෙමින් පවසන්


Tuesday, February 14, 2017

නැතුව



සරදමක්ද අද 
පෙර දිනක් පිදුව 
සොඳුරු මුදු කුසුම

ගං තෙරක් හිඳ
විහඟ රාවයට
මිමිනු පෙම් කවිය

හදේ කැටි ගැහුන
මගෙ සුසුම් පොද
යනෙන තැන් නැතුව


Wednesday, January 25, 2017

පිවිතුරුම පළමු පෙම



සඳ එළිය වගේ සිසිලැල්
හිමිදිරිය වගේ මනලොල්
ලොව පෙමක් තිබේ නිකැලැල්
නැත කිසිත් එයට සම තුන්කල්

සුදු පියුම් පරදවන 
පිවිතුරුම පළමු පෙම...
ස්නේහයේ ගීතයේ 
සුමුදු මුදු රන් රාව...

ඉකිගසන ජීවිතේ සනසවා 
තුරුලු කරවා ලැමට දෝතින්...
ලොවම සනසන ලොවම නැලවෙන
අන් දෙයක් වෙයිද වෙන යම්...


Thursday, December 1, 2016

රහස්



සලිත ලලිත නෙත් රසඳුන්
රහස් ගෙනෙනවා... 
තුන්යම සිහින මැවෙනවා
සිත් මල විකසිත වෙනවා...

හෙමින් සැරේ හොර රහසෙම
වෙලී වෙලී පවන් රොදක
මතක සුවඳ තවරාලා
රහස් කියනවා... 
හද විල රටා මැවෙනවා....

ඈත දුරක වළා රොදක
මොලකැටි සියුමලි මුදු ගුණ
සැරින් සැරේ දවටා ගෙන
රහස් කියනවා... 
කව්රුද රහස් අහනවා...


Friday, November 18, 2016

මඟ බලා



කොහෙන් කොතනින් ඇවිද ආවෙද
කෙදින කෙලෙසක නික්ම යාවිද
කිසිත් නොමදත් ජීවිතේ
සෙවනැල්ල වුව තනි රකීවිද
අඳුර රජයන විට ලොවේ...

මුවින් වැගිරෙන අමා මී වැල්
දස අතේ විසිරී තියේ
එවන් පදයක අරුත පසදින
උතුම් මනුදම් 
සැඟව ගියේ ඇයි ලොවේ...

හඬන සිතකට ගෙනෙන සැනසුම
මදහසෙත් සැඟවී තියේ
අමිල ගුණ දම් නැවත් පූදින
දවස එනතුරු
මඟ බලා සිටිමුද කෙසේ...


Tuesday, November 1, 2016

ආදරේ හිමිකාරි



පුරා පෙරුමන් පතා පැතුමන්
රුහිරු වගුරා කඳුලු වපුරා
දිනා ගත්තා මා...
මම ඔබේ කර ගත්තා...

කිරුල නොපලන් රැජිනියයි ඔබ
මහද ගැස්මේ රිද්මයයි ඔබ
මුදු සුමුදු සඳ සිසිලසත් පරයන
ආදරේ හිමිකාරියයි ඔබ...

බලා කල් යල් සුදු නෙලුම සොඬින් ගෙන
ඔබේ කුස වැඩි දෙව් පුතුන් නම් මම නොවේ
ජීවිතේ සැඬ කටුක යුගයක
සෙවු කෙන්බිම ඔබමවේ...

තවම නොදනිමි අන් කෙනෙක් මට
සම කරන්නට ඔබේ ලඳේ...
ජාති ජාතිත් පත්න්නේ මම
ඔබෙම වේවා සංසාරයේ...


Monday, October 17, 2016

අත්තටු ලැබිලා




විහිදී යාවී විසිරී යාවි 
සිතුවිලි දිගන්තයේ...
පවනැල්ලේ වෙලිලා
ඈතට දුර ආකාසේ...

සිතිජ ඉමව්වේන් එහා
නෙපෙනෙන ඉමකට
අත්තටු විහිදා...
පියඹා යන්නට යාවි

රහසක් හදවත පතුලේ
සහසක් මතකය අතරේ
සතුටක් ගෙන ආ සසරේ
වෙහෙසක් නිවූ දිවි කතරේ

ලැබිලා - අත්තටු ලැබිලා
හෙමිහිට යනවා -පියඹා 





Monday, October 10, 2016

ජීවන සක්මන



කලඹ කලඹා සහස් මතයකය
යන්නෝ ද එති එන්නෝ ද යති
සොඳුරු බව සොයලා...
දිවියේ පැහැ ගන්වා
තෙරක් නොදකින ජීවිතේ ලියලා....

නඟති කඳුලක් ගැඹුරු සුසුමක්
යලිත් හිනැහෙන්නටම වරමක් 
වරම් ලද උන් හමු වේද දිවියේ...
සදාකාලික වූ 
සොඳුරු බව ලද...

සැපත සදනා මං සොයාලා 
වෙහෙස වී
පවුරු පදනම් බිඳ වැටෙයිදෝ
මාවතක් නැති ජීවිතේ... 
ජීවිතේ... ගීතයේ....




Monday, September 19, 2016

පොතේ කතාව






දුර ඈත  වන අරණ - වැජඹුනේ පෙර දිනේ
නැණැස් එළි නගන්නලු - මිහිළි සිඹ සැගවුනේ

පත් අගට එක් රොක්ව - ගී ගැයුව විහඟුනේ
නුඹේ ගීයේ තාල නැති - කාලයක් ගත උනේ

නෙක රටා හැඩ දමා - මොනවාද ලියවුනේ
අරුත් පද කියාලයි - සහස් දන කියැවුවේ

සිත් පුරා පිබිදුවේ - නව ලොවලු හෙට දිනේ
පොත් ගුලක හිඳී අද - දහස් ගව් දුරු රටේ





Monday, August 8, 2016

පරව ඇයි සොඳුරු කුසුමන්


මවාලා සොඳ මියුරු හසකැන්
රිදුම් දිවි ගිම් නිවා සිසිලෙන්
විඩා සිඳවා අසුරු සැනෙකින්
ලකර කරවා දිවිය නිතැතින්

හදේ තෙත් ගති මැවූ සකියන්
දිවි කතර වට සිහිල් පොද පැන්
හඬව හඬවා සහස් මිනිසුන්
පරව යනු ඇයි සොඳුරු කුසුමන්




Thursday, July 28, 2016

වනමලී


යායට පිබිදෙවි - කාටත් රහසේම
හිරු දැක හිනෙහෙවි - සුබ දසුනක් සේම
හසරැලි නංවාවි - සිත් ගිම් නැසු සේම
නෙත රංජන වෙවි - වනමලීයගේ දැකුම

සොඳුරු මුදු මකරන්ද - ලොව දසත විහිදාවි
මාවතේ මංදිරේ - හැම තැනක සුපිපේවි
නම් නොමැති කුසුම නුබ - සිත මඩළ සනසාවි
වෙහෙස දැනෙනා සිතට - සිලිලාරයක් වේවි








Wednesday, July 27, 2016

ජීවිත



නීල නිසල අහස් කුස යට
ළදළු නැලවෙන ගං දෑල මිටියාවතක
කළුද සුදුද අළුද කියන්නට වත් නොමදත් 
කිසිවෙක් කිසි කලෙක නොදුටු ජීවිත...

මලින් බර සොඳුරු වසන්තයක
තුරු පත් ගිලිහෙන මූසල වස්සානයක
ලොවම හඳුනන - ලොවම නොහඳුන
හුරු පුරුදු - නුපුරුදුම ජීවිත...

මද පවන් වැද සැලෙන
 මහා මාරුත සැලි සැලී ඉවසන
මුල් සිදී ඉදිරී ගරා වැටුන සඳ
දළු නගා යලිත් උපන් ජීවිත...

වෙණ තතක රැදුන
 ලසෝ ගීයක ලෙසින
හද පතුල් සිඹින
 සහස් හැඟුමන් එතුන ජීවිත...

නෙතඟ සිරවී සුසුම් දැවටී
සිනාවක් ලොව සොයන ජීවිත
කෙලෙස කවුරුන් හැඳින ගත්තද
වංකගිරියක ඇදෙන එවන් ජීවිත...


Saturday, July 9, 2016

වැලි තලාවේ



තෙරක් නොපෙනෙන නමුදු කිසිවිට
දිවි කතර වැලි තලාවේ...
විටෙක හිනැහී විටෙක ලතැවී
නේක පියවර තබන්නේ මං මුලාවේ...

නේක හැඩයෙන් රටා මවමින්
ඇවිද ගිය දිගු මාවතේ...
ගීතයක් දුටුවේද කෙදිනක
දුකක් නොලියූ ජීවිතේ...

සුසුම් ඉකිලන සිනහ විගසිත
මියැසියකි දිවි සාගරේ...
නැවුම් පියවර මතු කරයි නිති
නේක රූ මවමින් හදේ...


Friday, July 1, 2016

කෙන්බිමක්



තිමිර විනිවිද නැගේ දිනකර
පුබුදු කරවා දියඟ දස දෙස
නිමා කල සද එවන් මෙහෙවර
ගිලී සැඟවෙයි සිඳු පතුල මැද

විදා මුදු මකරන්ද මනහර
කැකුළු මල් පිබිදේවි තුරු අඟ
ලොවක් සැනසුව සොඳුරු රුව වුව
දිනක සැඟවෙයි පරව මිහිමත

රුදු කතර සරසනා කෙන්බිමක් වී නිබඳ
සරතසැක් නිමා කල හැකි නම් විඩාලන මනු කැලක
හැර ගියත් දිනෙක මුවගින් ගලනා සුසුම වුව
කිත් රාව රැව් දේවි ලොව හැඩ කල උතුම් දන විලස


දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash