Friday, July 1, 2016

කෙන්බිමක්



තිමිර විනිවිද නැගේ දිනකර
පුබුදු කරවා දියඟ දස දෙස
නිමා කල සද එවන් මෙහෙවර
ගිලී සැඟවෙයි සිඳු පතුල මැද

විදා මුදු මකරන්ද මනහර
කැකුළු මල් පිබිදේවි තුරු අඟ
ලොවක් සැනසුව සොඳුරු රුව වුව
දිනක සැඟවෙයි පරව මිහිමත

රුදු කතර සරසනා කෙන්බිමක් වී නිබඳ
සරතසැක් නිමා කල හැකි නම් විඩාලන මනු කැලක
හැර ගියත් දිනෙක මුවගින් ගලනා සුසුම වුව
කිත් රාව රැව් දේවි ලොව හැඩ කල උතුම් දන විලස


No comments:

Post a Comment

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash