Showing posts with label science. Show all posts
Showing posts with label science. Show all posts

Friday, October 23, 2015

කාලාත්‍රයේ යාත්‍රකයානෙනී...


කාලාත්‍රයේ යාත්‍රකයානෙනී,
දෙන්න මට ඔබ වරම
පියඹා යන්නට අතීතයට....
එබී බලන්නට අනාගතයට....

මඟ වැරදුන තැන් බොහොමැයි
නිසි මාවත් රිසි නොවුනයි
උඩඟුව මානෙන් පීඩිතවූ සඳ
කෙම් බිම් පසු කර ඇදුනයි....

මට යලි මාවම හමුවන මොහොතක
කියා ගන්න ඇත දහසක් දේ
අතීතයට ගොස් මුමුනා එන්නම්
නිමේශයක ඉඩ දෙනවා නම්....

නව සිතුවිල්ලෙන් නැවත සිතන්නට
ජීවන මංපෙත එළිය කරන්නට
ලද දිවියේ සුබ අරුත් දකින්නට
පොරොන්දු වෙනවා මං....


Friday, June 13, 2014

ඇයි අහස නිල් ?


අනන්ත ඇතට විහිදුන නිල් පාට අහස දිහා ඔබ කොයි තරම් වෙලා බලාගෙන ඉදල තියනවද.අන්න ඒ වගේ වෙලාවක ඔබටත් නිකමට වගේ හිතුනෙ නැද්ද අහස නිල් පාට ඇයි කියලා... පෙර ලිපියෙන් සදහන් කරපු විදියට අපි නැවතත් හමු වෙමු, විමසන්න, දැන ගන්න බොහොම සරලව, දවල්ට අහස නිල් පාට ඇයි ? කියලා...

අහස නිල් පාට වෙන්න හේතුව පැහැදිලි කරන්නට පෙර ආලෝකය ගැන යමක් විස්තර කරන්න ඕන වේවි කියල හිතනවා.

ආලෝකය කියන්නේ තරoග ආකාරයට ගමන් කරනා එක්තරා ශක්ති විශේෂයක්. ඔබ දැනගෙන සිටියද සූර්යයාගේ ආලෝකය සැදී ඇත්තේ වර්ණ සමූහයක එකතුවක් විදිහට බව. අපි දේදුන්නේ පාට විදිහට දකින්නේ අන්න ඒ පාට සමූහය තමයි. රතු, තැඹිලි, කහ, කොල, නිල්, ඉන්ඩිගෝ, දම්. මෙන්න මේ පාට එකතුව. ඉතින් මෙයින් නිල් ආලෝක තරගoය රතු ආලෝක තරගoයට වඩා කෙටියි.

ආලෝකය ඍජු මාර්ගයක ගමන් කරනා අතර එය යම් භාධකයක ගැටුන විට,
  • පරාවර්ථනය
  • වර්ථනය
  • ප්‍රකිරණය
කියන සoසිදියකට මුහුන දෙනවා.

අහස නිල් පාට වෙන්නත් බලපාන්නෙ අපේ වායුගෝලයේ ඇති ඉතා කුඩා වායු අණු. හිරු කිරණ අපේ වායුගෝලයට පිවිසිලා වාතයේ තිබෙන වායුන් සහ අoශුන් මගින් සෑම දිශාවකටම විසිරෙනවා. සූර්ය ආලෝකයේ ඇති අනෙක් වර්ණයන්ට වඩා නිල් ආලෝකය කෙටි,කුඩා තරගoයක් නිසා ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා.

ප්‍රකිරණය වෙනවා කියන්නෙ කුඩා වායු අණු ආලෝකය අවශෝෂණය කරගෙන සියලු දිශාවන් වෙත විහිදීම.
ආලෝක තරගයේ තරග ආයාමය කෙටි වෙන තරමට මෙය සිදු වීම පහසු වෙනවා. දෘශ්‍ය ආලේකයේ කෙටිම තරග ආයමය සහිත වෙන්නෙ නිල් පැහයෙ නිසා වායු ගෝලයේ ඇති ඉතා කුඩා අණු මගින් ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා. එබැවින් අපිට බොහෝ විට  අහස නිල් පැහැයෙන් පෙනෙනවා.

ඒ වගේම තමයි ක්ෂිතිඡයට ආසන්න වෙන තරමට අහසෙ පැහැය වඩාත් ළා වර්ණයක් බවට පත් වෙනවා. ඊට හේතුව තමයි එවිට ආලෝකය වායුගෝලය හරහා වැඩි දුරක් ගමන් කල යුතුවීම. ආලෝකය වෙනත් දිශා වලටත් විහිදී ගොසින් අඩු නිල් ආලෝකයක් අපේ ඇස වෙත ලඟා වීම. එබැවින් ක්ෂිතිඡය ආසන්නයේ අහස වඩාත් ළා නිල්, සුදු පැහැයට ආසන්න වෙනවා.

ඉතින් අපි ඉදිරි ලිපි තුලින් තව දුරටත් හමුවෙමු. අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...

Monday, July 9, 2012

රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද...



තරු... අපි රෑ අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට අහස පුරවට මල් ඉහිරුනා වගෙ තියන තරු... සමහර වෙලවට හිතෙ තියන දුක, කාන්සිය තනිකම වගෙම සතුට, සොම්නස බෙදා හදා ගන්නෙත් අහසෙ ඉන්න තරු. ඒකයි ගොඩක් කවියො කලාකාමියො රාත්‍රියට පෙම් බදින්නෙ. රැයේ සුන්දරත්වයට අපූරවත්වයක් දෙන්න තරුවලට පුළුවන්. පුර හඳ ගැන කොච්චර කතා කලත් තරු නැත්නම් සඳ තනියම. ඒ විතරද ඇයි දවලට පේන් තරු...අපි ඒ තරු නම් බලන්න එච්චර කැමති නැහැනෙ.

මම මේ කියන්න යන්නෙ එහෙම තරු ගැන නෙවෙයි. ඇත්තටම දවලට තියන තරුවක් ගැන. අපිට පෙනුනත් බලන්න බැරි තරුවක් ගැන. ඇත්තටම මොකකද මේ අපිට පෙනුනත් බලන්න බැරි තරුව... සූර්යයා.

සූර්යයා හිරු දිනකර දිවාකර... තව කොච්චර නම්  තියනවද... තවත් විදියකට කියනවා නම් අපෙ සෞර්ග්‍රහ මණ්ඩලයෙ ප්‍රධානිය. අපෙ ජීවිත වල පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක්. ඇත්තටම මොකක්ද මේ
සූර්යයා කියන්නෙ. මීට කලින් ඉර කියන්නෙ මොකක්ද කියලා හිතල තිබුනද. රතු ඉර, කහ ඉර නෙවේ, ඉර ගැන සූර්යයා ගැන.

දන්නවද අපේ ඉර කොල පාටයි කියලා. දෘශ්‍ය විකිරණ වර්ණාවලියෙ කහ -කොල වර්ණ අතර පිහිටලා තියනව කියලා. නමුත් පෘථිවියේ ඉන්න අපිට නම් ඉර එලිය එක එක පාටයි.උදේට කහ පාට,දවල් කාලෙදි සුදු පාට,හවසට හරිම ලස්සනයි,අපිට හිතා ගන්නත් අමාරු ලස්සන වර්ණ සන්යෝජනයක්. ඇයි මෙහෙම වෙන්නෙ ?

හැනදෑ ආකාසෙ සුන්දරත්වය නරඹපු ඔබ මොහොතක් මේ ගැන හිතුවාද මේ වර්ණ වෙනස  පිටිපස්සෙ පොඩි විද්‍යාත්මක පසුබිමක් තියනවා කියලා. නමුත් බොහොම සුන්දරයි.

ඉතින් අපි ඉදිරි ලිපි තුලින් හමුවෙමු. අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...

Sparkly Smiley Star

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash