Friday, March 30, 2018

හැන්දෑවේ




චංචල වී ගල් ගැහුනා සිත මොහොතක්
සිතන්න වත් සිත් නැති නිමේශයේ
පුපුරා වැටුනා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

දබර කරන ඉවසිලි නැති මහ හුළඟක්
අරන් ආව අන්ධකාර වළාකුලක්
ගුගුරා හැලුවා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

රූරා වැටුනා සිත්තම් ඇදුනා
කවි සිත සැලුනා පද වැල් බැදුනා
උතුරා යන මහ වැස්සක්
ඉඩෝරයක ඉම දකිනා හැන්දෑවේ



දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash