Saturday, June 4, 2016

මතුදා



රැලි නගා කලඹ් දුක් නගා ඉපිද
සෝ සුසුම් සැඩ පහර ඉවසා
අතිර සතුටක මිහිර මතු කර හද හැඟුම් කිතිකවලා
දුර ඇදෙයි දිවි ගඟුල නව රටා රූ සොබා මවලා

හඬ හඬා ඉපිද පස් කම් ම සොයන
නිම් තෙරක් නොමැති රුඳු ගංඟා
තොටුපලක් කොහෙද මද ඉසිඹු ගෙනෙන
හති වැටුන ලෝ සතගෙ ගිම් නිවනා

අන් සරණ යදින අසරණව තැවෙන
ලෝ දහම පෙලන සත් වගම ඇදෙන සසර මහ ගංඟා
දියවරම අහුරන්න සත් වගට සෙත් වෙන්න
දම් තෙරක් විය හැකිද පිං පිරුන මතුදා



දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash