Monday, October 10, 2016

ජීවන සක්මන



කලඹ කලඹා සහස් මතයකය
යන්නෝ ද එති එන්නෝ ද යති
සොඳුරු බව සොයලා...
දිවියේ පැහැ ගන්වා
තෙරක් නොදකින ජීවිතේ ලියලා....

නඟති කඳුලක් ගැඹුරු සුසුමක්
යලිත් හිනැහෙන්නටම වරමක් 
වරම් ලද උන් හමු වේද දිවියේ...
සදාකාලික වූ 
සොඳුරු බව ලද...

සැපත සදනා මං සොයාලා 
වෙහෙස වී
පවුරු පදනම් බිඳ වැටෙයිදෝ
මාවතක් නැති ජීවිතේ... 
ජීවිතේ... ගීතයේ....




No comments:

Post a Comment

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash