Sunday, November 29, 2015

මිහිරි මතකය සිතෙන් මතුවේ



කාලයේ වැලිතලාවෙන් වැසි
මතකයේ නිම් තෙරක රැදි
සිහිනයක පමනක්ම සරනා
සුවහසක් සිතුවිලි මහද සරනා

බාලයේ කිරි සුවඳ කැටිවූ
නිදහසේ සුව සමඟ මුසු වූ
සොඳුරු කෙළිලොල් එවන් කාලය
මදහසක් මා මුවඟ රැදවූ...

ගුරුපාරේ මල් පිපින උදයේ
කුරුලු කූජන ගැයෙන සමයේ
සුදු වතින් සැරසී පාසලට ගිය
මිහිරි මතකය සිතෙන් මතුවේ...

වැහිදාට පොද වැස්ස අතරින්
මඩ වතුර දුටු විගස සිත තුටින්
දඟ කරන්නට අම්මාට රහසින්
අකීකරු බාලයක් විය 
ගත පුරාවට පිරුන විකුමන්...

අදත් සිහිවේ එවන් හැඟුමන්
ඉතිර යයි සිත සොඳුරු මතකෙන්
ලැබුනොතින් ඉසිඹුවක් යම් විට
නවතීවි මා එවන් කාලෙක...




No comments:

Post a Comment

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash