නවාතැන් පළ ඔබයි ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ...
ජීවිතේ දිගු වන්දනා ගමනේ...
එදා තෙපලූ ඔබ කොහිද සබදේ....
සසර සරනා තුරා
ඔබ මගේ... ඔබ මගේ....
සපත කල ඔබ මුව
ගොලු උනිද කෙලෙසේ....
අන් ලඳක් නැත සොඳුරු ඔබ රුවසේ
මිහිරි වෙයි ඔබ තෙපුල් මට සඳවතියේ...
පෙර පිනින් මම ලදිමි අත ඔබගේ
කියූ කාලය අමතකද සබඳේ....
හැර ගියේ ඇයි දැයි නොදන්නෙමි නික්මිලා රහසින්...
චපල නැති බව පමනක්ම දන්නෙමි ඔබට කිසි විටෙකත්...
හිතවතුන් නෑසියන් මාපිය හැමදෙන විමසද්දී තතු ඔබගේ
මුව ගොලුයි මා, කෙලස කියන්නද ඔබ නො එන බව සබඳේ....
කඳුලු වැල් හැම රෑක සිටියත් මගේ ලඟ රහසේ...
ලෝකයෙන් සඟවා පිසාදා හරින්නම් සිනාවෙන් නිබඳේ...
ඔබේ ලොව තුල මා නොමැති බැව් කියයි නම් ඔබ දිවුරලා මැනවින්....
එලඹ ඇත දැන් සුදුසු කාලය කුරුටු ගා සදහටම යන්නට අපේ පෙම් පැතුමන්...
පෙර එදා සිත් බැඳි මතකයන් කෑ ගසයි නම් ලද ඉඩකින්...
පෙලයි නම් සිත වද වේදනාවෙන් පාරවා හැඟුමන්...ඔබේ ලොව තුල මා නොමැති බැව් කියයි නම් ඔබ දිවුරලා මැනවින්....
එලඹ ඇත දැන් සුදුසු කාලය කුරුටු ගා සදහටම යන්නට අපේ පෙම් පැතුමන්...
උතුම් මෙහෙසිය මහා ගුණ පිරි යශොදරාවක් නොවේ මම සබඳේ...
රලු කටුක දිවි මගේ සරනා හුදු ගැහනියකි මේ දියතේ...
එහෙත් එනමුදු කුළුදුල් පෙම පිදු හද ගැන නැහැ ද්වේශයක කෙදිනකවත්..
ඔබ මගේ නොව්නත් පතන්නම් සියලු සෙත් යහපත්....
No comments:
Post a Comment