Saturday, November 14, 2015

දිවිය සරසන බොළඳිය...



කෝළ හසරැලි සිඟිති ඉඟි බිඟි
මුවඟ ගැවසුන බොළඳිය...
සොඳුරු මියැසිය කිරි සිනා පිරි
දිවිය සරසන දියණිය...

විසල් නෙතු යුග පුරා පැතිරුන 
මියුරු ජීවන රස...
දකින විට ඔබ සිඟිති හසරැලි
නිවෙයි හද රැදි ගිම් හැම...

මගේ හද විජිතයේ 
කිරුළ ඔබ දූ කුමරිය...
හෙලමි දහඩිය තුටු සිතින් මම 
ඔබේ හෙට සුව පිණිසම...

අඳුර දුරලා අඹර දිදුලන
සරා සඳ සේ හැමවිට...
නැණ නුවණ සරි - ගුණ සුවඳ පිරි
සඳවතිය වෙයන් ඔබ මතු දිනයක...




No comments:

Post a Comment

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash