Friday, December 25, 2015

සුන්දරයි හැඟුමන්



සුන්දරයි හැඟුමන් ඉපිලිලා සිත මගේ සතුටින්
ලං වෙලා සියොතුන් ගී ගයයි හඬ නගා විගසින්
මල් පිපී ලෙලයි යායට පුරවලා සුවදින්
ජීවිතේ සොඳුරුයි රස උතුරලා පෙර මෙන්

වෙනද නොදැනෙන අමුතු මිරිහරක් ගත පුරා පැතිරෙයි
සිහිල් මද නළ ගෙනයි සැනසුම නව පනක් ලැබදෙයි
ලබැදි බව උතුරා දෝරේ ගලලා සිනා මල් විසිරෙයි
හුරු පුරුදු බව පුරවලා මුලු සිතම කවියක් වෙයි

නැගෙන විට දිනිදුන් අඹර දිලෙනා කිරණ සේ උතුරන නැවුම් බව
වඩින විට සඳවතිය මිහිපිට ගෙනෙන සේ  මුදු සිහිල් බව
ගයන විට පෙම් ගීය කෙවිලිය නෙත රැදුන සේ කෝල තුටු බව
හැඟෙන විට මා ගතම පුබුදුවන ඔසුව සේ දැනෙයි මේ සොඳුරු බව

මනකල්ය ලොව දැන් සැනෙකෙලි කරයි සිත සතුටින්
කිමද මේ  හැටි කාරනා එනමුදු එකදු පැනයක් වෙයි
මන්ද මේ විමසුම් සකි සඳේ නැතිය අන් කිසිත් සම වෙම්
ගෙදර ඇවිදිල්ලා කාලෙකින් නිදසේ මම ගෙදර ඇවිදින්...



2 comments:

  1. මාර ලස්සනයි.
    ගෙදර නෙමෙයි ඔයා ඇවිත් තියෙන්නේ... නිවහනටයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බිඟූ අයියා...
      ඔව්... සුන්දර නිවහනට... :)

      Delete

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash