සිනිඳු සුදු මුදු මංපෙතක් නැත
සරන්නට දිවි වංකගියේ...
මිහිරි සොඳුරැති නෙක දසුන් නැත
ජීවිතේ වන දුර්ග අරණේ...
නේක විද අහියෝග මතුවෙයි
ගිඟුරුවාලා සිතේ සැනසුම්...
සිව් දෙසින් ගලනා වදන් වැල්
සසලවාලයි තමන් අභිමන්...
සතුට සැනසුම දෝරේ ගැලුවත්
විටෙක ගෙනදී සොඳුරු හැඟුමන්...
ඒ සිනාවම ගෙනයි කඳුක්
විසුරුවාලා එවන් හැඟුමන්...
ඉපිද මියෙනා ජීවිතේ ඇති
අරුත මෙය බැව් දැන නැණින්...
දස අතින් ගලනා ගලනා බාදා අභිමුවේ
නිවී සැනසෙති උතුම් මිනිසුන්...
අනිවා එහෙම තමා දන්න මිනිස්සු
ReplyDelete(Y)
Delete