Wednesday, December 9, 2015

ඔබට හැකිද මිනිසුනේ



ගල් ගසන්නට හැකිද මිනිසුනේ
තම වගේ තව එකෙක් නසන්නට...
එකම පැහැයෙන් ගලන රුහිරෙන
තෙමාලිය හැකි වේද මිහිමව...

කිසිදාක වරදක් නොකල උන් මෙන්
අත අවි දරා නසනා ජීවිතේ
ගැලූ කඳුලක් හෙලූ සුසුමක් නොදනෙනා විලසට
කෙලෙසකද තොප සිත රළු උනේ...

සමාවක් ගැන සිතන්නට වත්
නොහැකි නම් හදට ඔබ කිසි ලෙසේ...
උතුම් මිනිසත් බව ලැබූවේ කුමකටද
හැකි නම් ඔබ ඔබෙන් විමසනු මැනේ...



2 comments:

  1. මේ ගැන මම මුකුත් කියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. නොකියා ඉන්න එක ඇඟට ගුණයි තමයි...

      Delete

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash