සුනිල දිය රැදි දිය කඳුර මම වෙමි පැතුවෙ රුදු වැලි කතරක...
සිහිල කුමටද, චණ්ඩ හිරුටයි ආදරේ මම කියයි නම් මුළු කතරම...
සරා සඳ වන්නටයි සිතුවේ අමාවක කලු අහසට...
ඝණ අඳුරම සැපයි මට කියයි නම් ඒ අහසම...
බලා කල් හිඳ, සියල් තතු දැන නෙසැලෙනා මහ මේරු පව් විලසට....
ලොව නොදත්තත්
බොහෝ වෙහෙසයි
තනි වෙල ඔහෙ සසැලෙනා හඳවත...
මගේ සඳ ඔබ තරුත් නොදිලෙන මේ විසල් කළු අහසට...
සිහිල ඔබ මිස කවර සැපතද ගිනි අරන් දැවෙනාවු මේ ගිනි කතරට...
කියපු දින ඔබ දිවුරලා සඳ තරුත් සහතික කර...
කවුද සිතුවෙ හැර දමා යයි කියා මෙලෙසක
ගිම් නිවූ ඒ හදවත...
ඝණ අඳුර වේනම් එළිය විසල් මහ අහසට...
රුදුරු හිරුම පමනක්ම වේ නම් සිහිල මහා වැලි කතරට....
ඝණ අඳුර සඳ එළිය හා එක්ව නොසිටිනා ලෙස...
දිය කඳුර රුදු හිරු හමුවෙ වියලෙනා විලසට
සැඟවෙලා යයි බිඳුන හදවත ඔබේ ලෝකෙන් නොපෙනෙනා දුර ඇතක...
No comments:
Post a Comment