ඉර මල බැහැල යනකොට හැන්දැවේ
ආකාහෙත් හරියට රතු පාට වද මලක් වගේ
මතකද මැණිකෙ ගුලි වෙලා එක පොදියට
පෙම් බස් දොඩපු හැටි එ කාලේ...
පොඩියට කූඩුවක් හදලා
හුරතල් පොඩි පැටව් ටිකක් එක්ක ඉන්න
උඹට මතකද,
හරි ලස්සන හීන මාලිගාවක්ම අපි දෙන්න හැදුවා
වලාකුළු එක දෙක ඇවිත් අහස හෙමිහිට වැහිලා යනකොට
මට හිතුනෙම ලස්සනට දේදුන්නක් පායන්න වෙන්න ඇති කියලයි හාමිනේ...
මයෙත් එක්ක කිසි කතාවක් නැතුව ඈත අහස දිහාම බලාන ඉන්නකොට හිතුනේ
අපේ පොඩි පැටව්න්ට දවසක මේ ආකාහේ පියාඹින කියලා දෙන්න හීන මවනවයි කියලා හාමිනේ...
ලස්සන පාට පාට හීනයක් වගේ තාමත් මතකයි
ඒ කාලේ....
අනේ ආපහු කවදා ඒවිද මල් පිපෙන වසන්තේ
උඹේ පුසුඹ තුරුල් වෙලා උණුහුම් වෙන්න...
අද මමයි හිස් අහසයි...
ඔහේ හූල්ල හූල්ල ඉන්නව
අනේ ඇයි මයේ මැණිකේ
ඉගිලිලා ගියේ ඇයි නොපෙනෙනා ඈතක...
No comments:
Post a Comment