Sunday, January 31, 2016

අමිහිරිම පිලිතුර

විසල් සිතුවිලි ගිගුම් දේ හද පාරවා හැඟුමන්
ලොවක් නිදිගත් මැදියමේ සිත හඬයි ඉකි ගසමින්
මගේ අතගෙන මටද පෙම්බැදි ඔබද මේ සිතමින්
සුසුම් ගුවනට විසි කරන්නම් පරම පිවිතුරු ප්‍රෙමයේ නාමෙන්

පතිනියක වී අපේ ලොව තුල කිරුළ දරනට දුටු සිහින වියැකෙයි
යෙහෙළියන් ආසිරි සිනා මැද කුලගෙට වඩිනු දුටු සඳ ඇස සෙමින් තෙත් වෙයි
ඇගේ අතගෙන එහි සිටින්නෙ සිටින ඔබමදැයි සිත මගෙන් විමසයි
අමිහිරිම ඒ පිලිතුර සැබෑ බව අද ලොවම මට පවසයි...

Friday, December 25, 2015

සුන්දරයි හැඟුමන්



සුන්දරයි හැඟුමන් ඉපිලිලා සිත මගේ සතුටින්
ලං වෙලා සියොතුන් ගී ගයයි හඬ නගා විගසින්
මල් පිපී ලෙලයි යායට පුරවලා සුවදින්
ජීවිතේ සොඳුරුයි රස උතුරලා පෙර මෙන්

වෙනද නොදැනෙන අමුතු මිරිහරක් ගත පුරා පැතිරෙයි
සිහිල් මද නළ ගෙනයි සැනසුම නව පනක් ලැබදෙයි
ලබැදි බව උතුරා දෝරේ ගලලා සිනා මල් විසිරෙයි
හුරු පුරුදු බව පුරවලා මුලු සිතම කවියක් වෙයි

නැගෙන විට දිනිදුන් අඹර දිලෙනා කිරණ සේ උතුරන නැවුම් බව
වඩින විට සඳවතිය මිහිපිට ගෙනෙන සේ  මුදු සිහිල් බව
ගයන විට පෙම් ගීය කෙවිලිය නෙත රැදුන සේ කෝල තුටු බව
හැඟෙන විට මා ගතම පුබුදුවන ඔසුව සේ දැනෙයි මේ සොඳුරු බව

මනකල්ය ලොව දැන් සැනෙකෙලි කරයි සිත සතුටින්
කිමද මේ  හැටි කාරනා එනමුදු එකදු පැනයක් වෙයි
මන්ද මේ විමසුම් සකි සඳේ නැතිය අන් කිසිත් සම වෙම්
ගෙදර ඇවිදිල්ලා කාලෙකින් නිදසේ මම ගෙදර ඇවිදින්...



Tuesday, December 22, 2015

නිවී සැනසෙති උතුම් මිනිසුන්



සිනිඳු සුදු මුදු මංපෙතක් නැත
සරන්නට දිවි වංකගියේ...
මිහිරි සොඳුරැති නෙක දසුන් නැත
ජීවිතේ වන දුර්ග අරණේ...

නේක විද අහියෝග මතුවෙයි
ගිඟුරුවාලා සිතේ සැනසුම්...
සිව් දෙසින් ගලනා වදන් වැල්
සසලවාලයි තමන් අභිමන්...

සතුට සැනසුම දෝරේ ගැලුවත්
විටෙක ගෙනදී සොඳුරු හැඟුමන්...
ඒ සිනාවම ගෙනයි කඳුක්
විසුරුවාලා එවන් හැඟුමන්...

ඉපිද මියෙනා ජීවිතේ ඇති
අරුත මෙය බැව් දැන නැණින්... 
දස අතින් ගලනා ගලනා බාදා අභිමුවේ
නිවී සැනසෙති උතුම් මිනිසුන්...



Wednesday, December 9, 2015

ඔබට හැකිද මිනිසුනේ



ගල් ගසන්නට හැකිද මිනිසුනේ
තම වගේ තව එකෙක් නසන්නට...
එකම පැහැයෙන් ගලන රුහිරෙන
තෙමාලිය හැකි වේද මිහිමව...

කිසිදාක වරදක් නොකල උන් මෙන්
අත අවි දරා නසනා ජීවිතේ
ගැලූ කඳුලක් හෙලූ සුසුමක් නොදනෙනා විලසට
කෙලෙසකද තොප සිත රළු උනේ...

සමාවක් ගැන සිතන්නට වත්
නොහැකි නම් හදට ඔබ කිසි ලෙසේ...
උතුම් මිනිසත් බව ලැබූවේ කුමකටද
හැකි නම් ඔබ ඔබෙන් විමසනු මැනේ...



Monday, December 7, 2015

සිත්තමකි ජීවිතේ





සිත්තමකි ජීවිතේ
පාට පාටින් හැඩ වැටුන
සොඳුරු සිත්තරු ඔබයි
තෙලිතුඬයි ඔබ මනස

නේක විද පාට පිරි
අමුතු හැඟුමන් ගොඩයි
කැලතිලා පැතුම් පොදි
ජීවිතේ පාට වෙයි

අඳුරු වී මිලින වී  සිතුවම ම බොඳ උනත්
සිහිනෙකින් වත් විටෙක සුබ වර්ණ නොපෙනුනත්
දිය දහම මෙය බවම නුවණින්ම සිහි කරන්
සසැලුනත් නොසෙලවී සිත්තරුන් සිනාසෙත්

මකාලිය නොහැකි නොහැකිමුත් ජීවිතේ පිංතූරේ
වෙසෙස් සිත්තම් කරුට හැකි නොවද සරසන්න
සිතා සිත් දිරි රැගෙන - මවාලා නව වර්ණ
අදිවී සිතුවම ම සොඳුරු සේ පෙර මෙන්ම

බලාපොරොත්තුවේ පැහැය
මනුසත් බවත් සමඟ මුසුකොට
අදින්න සිත්තරු නොවෙද
උතුම් මනු මිහිලොවම



Sunday, November 29, 2015

මිහිරි මතකය සිතෙන් මතුවේ



කාලයේ වැලිතලාවෙන් වැසි
මතකයේ නිම් තෙරක රැදි
සිහිනයක පමනක්ම සරනා
සුවහසක් සිතුවිලි මහද සරනා

බාලයේ කිරි සුවඳ කැටිවූ
නිදහසේ සුව සමඟ මුසු වූ
සොඳුරු කෙළිලොල් එවන් කාලය
මදහසක් මා මුවඟ රැදවූ...

ගුරුපාරේ මල් පිපින උදයේ
කුරුලු කූජන ගැයෙන සමයේ
සුදු වතින් සැරසී පාසලට ගිය
මිහිරි මතකය සිතෙන් මතුවේ...

වැහිදාට පොද වැස්ස අතරින්
මඩ වතුර දුටු විගස සිත තුටින්
දඟ කරන්නට අම්මාට රහසින්
අකීකරු බාලයක් විය 
ගත පුරාවට පිරුන විකුමන්...

අදත් සිහිවේ එවන් හැඟුමන්
ඉතිර යයි සිත සොඳුරු මතකෙන්
ලැබුනොතින් ඉසිඹුවක් යම් විට
නවතීවි මා එවන් කාලෙක...




Thursday, November 26, 2015

කම්මැලී ජීවිතය


පාට පාටින් දිලුන - සායම් කුප්පි ටික
වේලෙනවා ගේ මුලුලේ
සිතුවමක් වත් අදින්නට
හිතක් වත් නැහෙනේ එන්නේ...

පැදි පෙළක් ගලපන්න
අකුරු වැල් අමුණන්න
තරම් වත් සිතක් නැහැ
කම්මැලී ජීවිතය...



දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash