Friday, June 13, 2014

ඇයි අහස නිල් ?


අනන්ත ඇතට විහිදුන නිල් පාට අහස දිහා ඔබ කොයි තරම් වෙලා බලාගෙන ඉදල තියනවද.අන්න ඒ වගේ වෙලාවක ඔබටත් නිකමට වගේ හිතුනෙ නැද්ද අහස නිල් පාට ඇයි කියලා... පෙර ලිපියෙන් සදහන් කරපු විදියට අපි නැවතත් හමු වෙමු, විමසන්න, දැන ගන්න බොහොම සරලව, දවල්ට අහස නිල් පාට ඇයි ? කියලා...

අහස නිල් පාට වෙන්න හේතුව පැහැදිලි කරන්නට පෙර ආලෝකය ගැන යමක් විස්තර කරන්න ඕන වේවි කියල හිතනවා.

ආලෝකය කියන්නේ තරoග ආකාරයට ගමන් කරනා එක්තරා ශක්ති විශේෂයක්. ඔබ දැනගෙන සිටියද සූර්යයාගේ ආලෝකය සැදී ඇත්තේ වර්ණ සමූහයක එකතුවක් විදිහට බව. අපි දේදුන්නේ පාට විදිහට දකින්නේ අන්න ඒ පාට සමූහය තමයි. රතු, තැඹිලි, කහ, කොල, නිල්, ඉන්ඩිගෝ, දම්. මෙන්න මේ පාට එකතුව. ඉතින් මෙයින් නිල් ආලෝක තරගoය රතු ආලෝක තරගoයට වඩා කෙටියි.

ආලෝකය ඍජු මාර්ගයක ගමන් කරනා අතර එය යම් භාධකයක ගැටුන විට,
  • පරාවර්ථනය
  • වර්ථනය
  • ප්‍රකිරණය
කියන සoසිදියකට මුහුන දෙනවා.

අහස නිල් පාට වෙන්නත් බලපාන්නෙ අපේ වායුගෝලයේ ඇති ඉතා කුඩා වායු අණු. හිරු කිරණ අපේ වායුගෝලයට පිවිසිලා වාතයේ තිබෙන වායුන් සහ අoශුන් මගින් සෑම දිශාවකටම විසිරෙනවා. සූර්ය ආලෝකයේ ඇති අනෙක් වර්ණයන්ට වඩා නිල් ආලෝකය කෙටි,කුඩා තරගoයක් නිසා ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා.

ප්‍රකිරණය වෙනවා කියන්නෙ කුඩා වායු අණු ආලෝකය අවශෝෂණය කරගෙන සියලු දිශාවන් වෙත විහිදීම.
ආලෝක තරගයේ තරග ආයාමය කෙටි වෙන තරමට මෙය සිදු වීම පහසු වෙනවා. දෘශ්‍ය ආලේකයේ කෙටිම තරග ආයමය සහිත වෙන්නෙ නිල් පැහයෙ නිසා වායු ගෝලයේ ඇති ඉතා කුඩා අණු මගින් ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා. එබැවින් අපිට බොහෝ විට  අහස නිල් පැහැයෙන් පෙනෙනවා.

ඒ වගේම තමයි ක්ෂිතිඡයට ආසන්න වෙන තරමට අහසෙ පැහැය වඩාත් ළා වර්ණයක් බවට පත් වෙනවා. ඊට හේතුව තමයි එවිට ආලෝකය වායුගෝලය හරහා වැඩි දුරක් ගමන් කල යුතුවීම. ආලෝකය වෙනත් දිශා වලටත් විහිදී ගොසින් අඩු නිල් ආලෝකයක් අපේ ඇස වෙත ලඟා වීම. එබැවින් ක්ෂිතිඡය ආසන්නයේ අහස වඩාත් ළා නිල්, සුදු පැහැයට ආසන්න වෙනවා.

ඉතින් අපි ඉදිරි ලිපි තුලින් තව දුරටත් හමුවෙමු. අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...

Saturday, May 17, 2014

හදවතට දැනෙන්න හිතන්න...



ජනතාවට ආලය නොකරයි නම්
ජාතිය ගැන නොහිතයි නම් 
කාව්‍ය බිහි නොවේ...
අපගේ යුගය සහ
ලෝකයේ හිංසාවන් ගැන තැකීමක් නැති නම්
කාව්‍ය බිහි නොවේ...
යහපත ගැන උනන්දු නොවී
නපුරට විරුද්ද නොවේ නම්
එවිටද කාව්‍ය බිහි නොවේ...



මෙය අසලියා මල ටෙලිනාට්‍යයේ දෙබස් වලින් උපුටා ගැනීමකි... ස්වයං නිර්මාණයක් නොවේ

Saturday, May 10, 2014

අද මගේ දවස...



  • සුදු ළුනු කාල චොකලටුත් කෑවා
  • ඇසන්මන්ට් එක සබ්මිට් කරන්න ඕන වෙලව මදි උනාම තව පැය 12ක් දුන්නා. ඒකත් මදියි කිව්වහම තව විනාඩි 20ක්ම දුන්නා
  • මොනව උනත් මගෙ උත්තර කොලේ බලන මනුස්සයට බුදු සරණයි දෙවි පිහිටයි
  • හෆ්ෆෆා කාලෙකට පස්සෙ මොනවද මොනවද වැඩ වගයක් කරා
  • පැය 2ක් නිද ගත්තා
  • නා ගන්නත් බැරි උනානෙ මේ සතියටම
  • සුදු පාට මානෙල් මල නම් ලස්සනයි. ඒකෙ හොද ෆොටෝ එකක් ගත්තා
  • ඒ උනාට අද සැහෙන්න කාලෙකින් පිනක් කර ගත්තා. පිණ්ඩපාතෙ වැඩින හාමුදුරුවන්ට දානෙට අඹ දුන්නානේ 
  • කොහොම හරි අන්තිමට ගූගල් දෙයියගෙ රහස් පදෙත් අමතක උන කියන්නකො. පරන එව්වා මතක් කර කර 10 ක් විතර ගහල කොහොම හරි මේ බ්ලොග් පෝස්ට් එක දන්නා එකත් සොය ගත්තනෙ

හැබයි ඉතින් අද තව මොනව මොනව වේවිද දන්නෑ... අද තමයි දවස...

- පීලිං වොන්ඩාරපුල්

Tuesday, April 2, 2013

මගේ කින්නරාවී...


සීත මීදුම් ඉරා දෙනෙත් මඟ ඇහිරූ...
ජීවිතේ සීත ඍතුවේ ගිරි දුර්ඟ අතරින්
මා එක්ක එනවදො චන්න කින්නරාවි...
මා එක්ක එනවදෝ චන්න කින්නරාවී...

රළු පොළව මතින් දිවෙන
විඩාබර දිගු ගමනේ...
මුඩු සිනිඩු දෙපා රිදෙන
වේදනා සුසුම් අතරේ...
ආදරේ ශේෂ වේවිදෝ චන්න කින්නරාවි...
මා එක්ක එනවදෝ චන්න කින්නරාවී...

-උපුටා ගැනීමකි-
ගීතය

Thursday, November 29, 2012

සිහින දුටුවෙමි මම...







පෙම් කලෙමි මම.... 
මුළු හඳින් එක සිතින්
ගණඳුරට
යම් දිනෙක
එළිය නැගෙන්නේ ගණඳුර පරයා නිසා

සෙව්වෙමි මම...
දියත සිව් දෙස
පහන්සිල
දිනෙක මට
මගේ ලෝකය එකලු කල හැකි යැයි සිතා...

සිහින දුටුවෙමි මම...
සිහින ගැන
මගේ සිහිනය සැබැවක් වේ යැයි සිතා...

ඒත් ඔබ...
අහෝ කිම
නොපැතු කඳුලැල් දී ගියා
නමුත් හිතවත
සිනා සෙමි මම
ඔබෙන් ලෝකය දුටු නිසා...




Wednesday, October 24, 2012

සුවහසක් සිහින දුටු නුඹමදැයි මට කියන්...




නිදි වරන නෙතු දෑල
අයදීවි නිදහසක්
තේරුමක් නොතේරෙන
අකුරු වැල් පේලියක්
පැය ගණන් එක දිගට
ලියමු අපි සටහනක්...

කෙළිදෙලෙන් මදහසින්
ගෙවන්නට ඉසිඹුවක්
පැතුම් පොදි විගසිතව
දින්නනට ලෝකයක්
කෝ කොහෙද
දැන් කොතනකද
අපිට වත් කාලයක්...

සිහින මල් පැතුම් පොදි
සිත්තුරේ රදවමින්
හෙට නැගෙන නව දිනක
අරුණැල්ල දෙස බලන්
පිය නගපු සරසවිය
 නුඹමදැ‍යි මට කියන්...


Monday, October 22, 2012

පාර සොයනා තාරුකාවේ...



විසුල සිහිනෙක 
පාට සොයලා
ඉමක් සොයනා තාරුකාවේ...
පාට කෙලෙසක මම කියන්නෙද
මමත් තවමත් මග සොයයි...

පෙනෙන සිහිවන
සොදුරු සිත්කළු
පාට දුටු විට හැමවෙලේ...
කියයි සිත ඔබේ
පැහැදිලිය මඟ
නමුදු මේ නම් රැය නොවේ...

සිහින ඔබෙමයි...
පැහැය ඔබගෙයි...
සිත්තරාවිය මම නොවෙයි...
දුටුව දසුනෙන්
හඳෙහි ඇඳුනත්
මිරිඟුවක රැදෙමුද කෙසේ...

රැයෙහි නුදුටුව පාට නැති උන
මිහිරි සිහිනය
සසලවයි, නුඹ සිත දවයි ...
නව්ම් සිහිනය 
තෙළිතුඩින් ඔබේ
යලිත් සිත්තම් වේදෝ සැකයි...


Sparkly Smiley Star

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash