පෙම් කලෙමි මම....
මුළු හඳින් එක සිතින්
ගණඳුරට
යම් දිනෙක
එළිය නැගෙන්නේ ගණඳුර පරයා නිසා
සෙව්වෙමි මම...
දියත සිව් දෙස
පහන්සිල
දිනෙක මට
මගේ ලෝකය එකලු කල හැකි යැයි සිතා...
සිහින දුටුවෙමි මම...
සිහින ගැන
මගේ සිහිනය සැබැවක් වේ යැයි සිතා...
ඒත් ඔබ...
අහෝ කිම
නොපැතු කඳුලැල් දී ගියා
නමුත් හිතවත
සිනා සෙමි මම
ඔබෙන් ලෝකය දුටු නිසා...
සමහර වෙලාවට මාත් මගෙන් දකින් බැරි ලොකය එයාගෙන් දකිනවා..
ReplyDeleteහ්ම්ම්ම්... මා පතන මගේම ලෝකය නේද දකින්නේ...
Deleteමම කැමති අන්තිම පෙළි ටිකට... හිතට තදින් වැදිනේ අන්තිම ටික.
ReplyDeleteමාත් කැමතිම ඒ අන්තිම පේලි දෙකට. ඒ පේලි දෙක නිසා තමයි මුළු කවියම ලියවුනේ...
Deleteඅපි තාම පොඩි වැඩී වගේ...????????
ReplyDeleteහ්ම්ම්... පොඩි වැඩිද...??? මාත් පොඩි එකානේ...
Deleteඔබේ දෙනෙතින්
ReplyDeleteලොව දකින්නට
ඔබත් සමඟින්
සුසුම් ලන්නට
ඔබේ හදෙහී
ලැඟුම් ගන්නට
පෙරුම් පිරු මුත්
හිමි නොමැත මට
හ්ම්ම්...
Delete