Monday, October 22, 2012

පාර සොයනා තාරුකාවේ...



විසුල සිහිනෙක 
පාට සොයලා
ඉමක් සොයනා තාරුකාවේ...
පාට කෙලෙසක මම කියන්නෙද
මමත් තවමත් මග සොයයි...

පෙනෙන සිහිවන
සොදුරු සිත්කළු
පාට දුටු විට හැමවෙලේ...
කියයි සිත ඔබේ
පැහැදිලිය මඟ
නමුදු මේ නම් රැය නොවේ...

සිහින ඔබෙමයි...
පැහැය ඔබගෙයි...
සිත්තරාවිය මම නොවෙයි...
දුටුව දසුනෙන්
හඳෙහි ඇඳුනත්
මිරිඟුවක රැදෙමුද කෙසේ...

රැයෙහි නුදුටුව පාට නැති උන
මිහිරි සිහිනය
සසලවයි, නුඹ සිත දවයි ...
නව්ම් සිහිනය 
තෙළිතුඩින් ඔබේ
යලිත් සිත්තම් වේදෝ සැකයි...


Sparkly Smiley Star

4 comments:

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash