සුන්දරයි හැඟුමන් ඉපිලිලා සිත මගේ සතුටින්
ලං වෙලා සියොතුන් ගී ගයයි හඬ නගා විගසින්
මල් පිපී ලෙලයි යායට පුරවලා සුවදින්
ජීවිතේ සොඳුරුයි රස උතුරලා පෙර මෙන්
වෙනද නොදැනෙන අමුතු මිරිහරක් ගත පුරා පැතිරෙයි
සිහිල් මද නළ ගෙනයි සැනසුම නව පනක් ලැබදෙයි
ලබැදි බව උතුරා දෝරේ ගලලා සිනා මල් විසිරෙයි
හුරු පුරුදු බව පුරවලා මුලු සිතම කවියක් වෙයි
නැගෙන විට දිනිදුන් අඹර දිලෙනා කිරණ සේ උතුරන නැවුම් බව
වඩින විට සඳවතිය මිහිපිට ගෙනෙන සේ මුදු සිහිල් බව
ගයන විට පෙම් ගීය කෙවිලිය නෙත රැදුන සේ කෝල තුටු බව
හැඟෙන විට මා ගතම පුබුදුවන ඔසුව සේ දැනෙයි මේ සොඳුරු බව
මනකල්ය ලොව දැන් සැනෙකෙලි කරයි සිත සතුටින්
කිමද මේ හැටි කාරනා එනමුදු එකදු පැනයක් වෙයි
මන්ද මේ විමසුම් සකි සඳේ නැතිය අන් කිසිත් සම වෙම්
ගෙදර ඇවිදිල්ලා කාලෙකින් නිදසේ මම ගෙදර ඇවිදින්...