Wednesday, October 24, 2012
සුවහසක් සිහින දුටු නුඹමදැයි මට කියන්...
නිදි වරන නෙතු දෑල
අයදීවි නිදහසක්
තේරුමක් නොතේරෙන
අකුරු වැල් පේලියක්
පැය ගණන් එක දිගට
ලියමු අපි සටහනක්...
කෙළිදෙලෙන් මදහසින්
ගෙවන්නට ඉසිඹුවක්
පැතුම් පොදි විගසිතව
දින්නනට ලෝකයක්
කෝ කොහෙද
දැන් කොතනකද
අපිට වත් කාලයක්...
සිහින මල් පැතුම් පොදි
සිත්තුරේ රදවමින්
හෙට නැගෙන නව දිනක
අරුණැල්ල දෙස බලන්
පිය නගපු සරසවිය
නුඹමදැයි මට කියන්...
Subscribe to:
Post Comments (Atom)
දෙහි
දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash
-
තරු... අපි රෑ අහස දිහා බලාගෙන ඉන්න වෙලාවට අහස පුරවට මල් ඉහිරුනා වගෙ තියන තරු... සමහර වෙලවට හිතෙ තියන දුක, කාන්සිය තනිකම වගෙම සතුට, සොම...
-
අනන්ත ඇතට විහිදුන නිල් පාට අහස දිහා ඔබ කොයි තරම් වෙලා බලාගෙන ඉදල තියනවද.අන්න ඒ වගේ වෙලාවක ඔබටත් නිකමට වගේ හිතුනෙ නැද්ද අහස නිල් පාට ඇයි...
-
යායට පිබිදෙවි - කාටත් රහසේම හිරු දැක හිනෙහෙවි - සුබ දසුනක් සේම හසරැලි නංවාවි - සිත් ගිම් නැසු සේම නෙත රංජන වෙවි - වනමලීයගේ දැකු...

ලස්සන නිර්මාණයක්
ReplyDeleteස්තූතියි යාළු... :)
Deleteඅපූරුයි!
ReplyDeleteහ්ම්ම්... මේ දවස් වල අපේ ජීවිත...
Deleteස්තූතියි යාළු... :)
ලස්සනට අමුණලා තියෙන්නේ
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
ජීවිතය නිසා පබැදුන කවියක්...
Deleteස්තූතියි යාළු... :)
හ්ම්ම්ම් අද්මයි මෙ පැත්තට ආවෙ... වසන්ත්යක්ම උදා වෙවා අයෙමත් එන්නම්... නිසැදැස නම් ලස්සනයි
ReplyDeleteහ්ම්ම්ම් මේ දවස් වල වැඩ වැඩ වැඩ... වසන්තය කොහේද හැන්ගිලා ඒක නිසා...
Deleteස්තූතියි යාළු... :)ආයෙත් මේ පැත්තට එන්න... නිර්මාණ රස විදින්න... :) ජය වේවා!!!
මමත් අදයි මේ පැත්තට ආවේ..
ReplyDeleteනිසඳැස ලස්සනයි..
ආ.. මගේ වැකියක් කියන්නම්.. "කට්ට කන්නාට මදය කෑමට ලැබේ.."
හ්ම්ම්ම්.... එකනේ... කට්ට කන්නම වෙනවා... ස්තුතියි යාළු..
Deleteඑන්න මේ ඉසව්වට... තරු අසිරිය විදින්න... සතුටු සිතින් පිලිගන්නවා...