Friday, November 13, 2015

රෑ මැදියම මැවෙන මතක...



හිත පෑරෙන කවි කියවෙන
නිදි නැති නෙතු ගතු කියවන
රෑ මැදියම
මැවෙන මතක...

දුක්බරවූ අතීතයක
සුසුම් අතර සැරිසරන්න
කඳුල සමඟ ලෙන්ගතුවුන
අකීකරුම මගේ මතක...

හද පාරා රිදුමන් දෙන
වලලන්නට පෙර සැඟවුන
ඇඟ මස් ලේ වැද කකියන
සීතලවූ අඳුරු මතක...



Tuesday, November 10, 2015

රඟමඩලේ අපි...



ජීවිතය නම් රඟමඩලකි - රඟන නලුකැල ඔබවෙතී 
කියූවද වියතුන්
සිතුවෙ නෑ එය සැබෑවක් යැයි කියා
හැදින හදුනා ගන්නා තුරා...

නේක දස්කම් - පාලා විස්කම්
මවන අරුමැසි මියුරු ලෝකය
බොදව යයි එක් අසුරු සැනකින්
දිය දහම මෙය යැයි මුමුනමින්...

එදා දුටු රුව - මෙදා වියකෙයි
නොසිතු දේ එක් වරම සිදුවෙයි
අතිර බව පමනක්ම රදවා
රඟමඩල අපි සැවොම රඟදෙයි...



Friday, October 23, 2015

කාලාත්‍රයේ යාත්‍රකයානෙනී...


කාලාත්‍රයේ යාත්‍රකයානෙනී,
දෙන්න මට ඔබ වරම
පියඹා යන්නට අතීතයට....
එබී බලන්නට අනාගතයට....

මඟ වැරදුන තැන් බොහොමැයි
නිසි මාවත් රිසි නොවුනයි
උඩඟුව මානෙන් පීඩිතවූ සඳ
කෙම් බිම් පසු කර ඇදුනයි....

මට යලි මාවම හමුවන මොහොතක
කියා ගන්න ඇත දහසක් දේ
අතීතයට ගොස් මුමුනා එන්නම්
නිමේශයක ඉඩ දෙනවා නම්....

නව සිතුවිල්ලෙන් නැවත සිතන්නට
ජීවන මංපෙත එළිය කරන්නට
ලද දිවියේ සුබ අරුත් දකින්නට
පොරොන්දු වෙනවා මං....


Wednesday, October 21, 2015

ජීවිත ගමන...



සැලෙන සසැලෙන විටෙක හිනැහෙන
කඳුල සුසුමද නිබඳ ගැවසෙන
මහා මිරිඟුව....

යදින අයදින විටෙක පුදදෙන
උස් පහත් බිම් නිතර හමුවෙන
නොනිමි මංපෙත...

ගෙවෙන ගතවෙන විටෙක ලත වෙන
අරුම මියැසිය නොවෙද
ජීවන ගමන...




Tuesday, October 13, 2015

ආදරේ හිමිකාරියේ...



පුරා පෙරුමන් පතා පැතුමන්
රුහිරු වගුරා කඳුලු වපුරා
දිනා ගත්තා මා...
මම ඔබේ කර ගත්තා...

කිරුල නොපලන් රැජිනියයි ඔබ
මහද ගැස්මේ රිද්මයයි ඔබ
මුදු සුමුදු සඳ සිසිලසත් පරයන
ආදරේ හිමිකාරියයි ඔබ...

බලා කල් යල් සුදු නෙලුම සොඬින් ගෙන
ඔබේ කුස වැඩි දෙව් පුතුන් නම් මම නොවේ
ජීවිතේ සැඬ කටුක යුගයක
සෙවු පිළිසරණ නම් ඔබමවේ...

තවම නොදනිමි අන් කෙනෙක් මට
සම කරන්නට ඔබේ ලඳේ...
ජාති ජාතිත් පත්න්නේ මම
ඔබෙම වේවා සංසාරයේ...




Wednesday, October 7, 2015

සොඳුරු මිනිසා ඔබයි




චන්ඩ ලෙස ගලා යන සැඩ පහර මම
සකල විද බාධකත් ජය අරන්
කල් යල් ගෙවා නිසල නඳියක්ව ඔබ වෙතට ඇදෙතැයි සිතා
සුමුදු ලෙස සිප ගන්න පෙරමඟම බලා සිටිනා
මහා සමුදුරයි ඔබයි, තාත්තේ මගේ...

හිතුමතේ ගසා යන අකීකරු සුලඟ මම
සැඩ සුලඟ මුදු සිනිඳු කර
සොඳුරු මකරන්දයෙන් මද පවන සරසන්න හැකි යැයි සිතා
ජීවිතේ පුරාවට මහා වෙහෙසක් දරන
සොඳුරු මිනිසා ඔබයි, තාත්තේ මගේ...



Thursday, October 1, 2015

සොඳුරු ඇරයුම මෙයයි...



එන සීත මදරැල්ල හද ගිම් නිවයි...
කිසිදාක නොදනිච්ච හැඟුමන් ගොඩයි
පෙරදාක දුටු ලොවම
හැඩවී පෙනෙන්නේ
මේ කිම්ද නොදැනේ
හැමදාම සිත සොයපු සොඳුරු සිහිනේ වගෙයි...

සියොතුනේ නුඹේ  ගීයේ අමුතු මිහිරක් ගෙනෙයි
වෙන තතක නැලවෙනා මියුරු සරයක් වගෙයි
රුඳු කතර සනසන්න
කෙම් බිමක් එහි වෙන්න
දෙව් ලියක් මිහිමතට වැඩියද සිතෙයි...

වන මලේ රුව ඔබේ නෙත රසදුනයි
රුව සේම සුවඳත් හදවත පිනයි
මා ගාව නවතින්න
මගෙ ලෝකෙ සරසන්න
එනවාද මියුලැසිය ඇරයුම මෙයයි...



දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash