Tuesday, September 29, 2015

ඇයි මයේ මැණිකේ ඉගිලිලා ගියේ ඈතක...



ඉර මල බැහැල යනකොට හැන්දැවේ
ආකාහෙත් හරියට රතු පාට වද මලක් වගේ
මතකද මැණිකෙ ගුලි වෙලා එක පොදියට
පෙම් බස් දොඩපු හැටි එ කාලේ...

පොඩියට කූඩුවක් හදලා
හුරතල් පොඩි පැටව් ටිකක් එක්ක ඉන්න
උඹට මතකද,
හරි ලස්සන හීන මාලිගාවක්ම අපි දෙන්න හැදුවා

වලාකුළු එක දෙක ඇවිත් අහස හෙමිහිට වැහිලා යනකොට
මට හිතුනෙම ලස්සනට දේදුන්නක් පායන්න වෙන්න ඇති කියලයි හාමිනේ...
මයෙත් එක්ක කිසි කතාවක් නැතුව ඈත අහස දිහාම බලාන ඉන්නකොට හිතුනේ
අපේ පොඩි පැටව්න්ට දවසක මේ ආකාහේ පියාඹින කියලා දෙන්න හීන මවනවයි කියලා හාමිනේ...

ලස්සන පාට පාට හීනයක් වගේ තාමත් මතකයි
ඒ කාලේ....
අනේ ආපහු කවදා ඒවිද මල් පිපෙන වසන්තේ
උඹේ පුසුඹ තුරුල් වෙලා උණුහුම් වෙන්න...

අද මමයි හිස් අහසයි...
ඔහේ හූල්ල හූල්ල ඉන්නව
අනේ ඇයි මයේ මැණිකේ
ඉගිලිලා ගියේ ඇයි නොපෙනෙනා ඈතක...




Sunday, September 27, 2015

කලණ මිතුර මා හිත මිතුරාන...


මියුරු වදන් මුව අඟ රැදි මදහාස
කෙලි කවට කතා තෙපලන හිත මිතුරාන...
බාලේ පටන් සෙවනැල්ලයි තනි මැකුව
සෙනෙහස ඔබෙ තරම් වෙන කාගෙන් ලැබුව....

එක පත බෙදා එකටම කනවා අදටත්...
පොඩි සන්දියේ මල් මතකය ඇත තවමත්
සිදාදියේ රස්නෙට රැස් අඩු නොව්න
ඔබෙ හොඳ හිතට පරදින්නෙ මොනවද සොයුර...

සිනහව කඳුල සැප දුක යස අයස හැම
බෙද ගන්න ඔබ නොවැ මට වෙන කව්ද...
හිරු සඳු සේම දිදුලන කළණ මිතුදම
තිමිරය ඉරා පුබුදයි හිත හැමදාම....

බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවන...
ජාතිත් පැතුවෙ වෙන්නයි ඔබ සකි සඟයාන...
ලේ මස් ඇට නහර විනිවිද ඇති මිතු දම් සමග
පෙරුමන් පුරමු එතෙරට යන්නට සසර...



Tuesday, September 22, 2015

වසන්තයේ පැතුමන්...



සුන්දරයි - සසලයි
නිල් අහස ඔබේ සිත වාගේමයි...
රැලි නඟයි - ගැඹුරු
වැව් තලය මගේ හිත වාගේමයි...

එදා ලඟ හිඳ ගී ගැයූ
සියතුනී ඔබ කොහි ගියේ...
ඇයත් අද නැ... ඔබත් මෙහි නැ...
අඳුර විතරයි නැවතුනේ...

තුරුල් වී හිඳ ගී ගැයූ
සබඳ කෝ ඔබ අතු ඉතී...
මම ම විතරයි - ඔබ ඔබත් දුබලයි...
කවදාද  වසන්තෙක සැනසිලී...



Tuesday, September 15, 2015

සැඟවෙලා යයි බිඳුන හදවත ඔබේ ලෝකෙන් නොපෙනෙනා දුර ඇතක...





සුනිල දිය රැදි දිය කඳුර මම වෙමි පැතුවෙ රුදු වැලි කතරක...
සිහිල කුමටද, චණ්ඩ හිරුටයි ආදරේ මම කියයි නම් මුළු කතරම...
සරා සඳ වන්නටයි සිතුවේ අමාවක කලු අහසට...
ඝණ අඳුරම සැපයි මට කියයි නම් ඒ අහසම...
බලා කල් හිඳ, සියල් තතු දැන නෙසැලෙනා මහ මේරු පව් විලසට....
ලොව නොදත්තත්
බොහෝ වෙහෙසයි
තනි වෙල ඔහෙ සසැලෙනා හඳවත...


මගේ සඳ ඔබ තරුත් නොදිලෙන මේ විසල් කළු අහසට...
සිහිල ඔබ මිස කවර සැපතද ගිනි අරන් දැවෙනාවු මේ ගිනි කතරට...
කියපු දින ඔබ දිවුරලා සඳ තරුත් සහතික කර...
කවුද සිතුවෙ හැර දමා යයි කියා මෙලෙසක
ගිම් නිවූ ඒ හදවත...


ඝණ අඳුර වේනම් එළිය විසල් මහ අහසට...
රුදුරු හිරුම පමනක්ම වේ නම් සිහිල මහා වැලි කතරට....
ඝණ අඳුර සඳ එළිය හා එක්ව නොසිටිනා ලෙස...
දිය කඳුර රුදු හිරු හමුවෙ වියලෙනා විලසට
සැඟවෙලා යයි බිඳුන හදවත  ඔබේ ලෝකෙන් නොපෙනෙනා දුර ඇතක...



දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash