Wednesday, January 25, 2017

පිවිතුරුම පළමු පෙම



සඳ එළිය වගේ සිසිලැල්
හිමිදිරිය වගේ මනලොල්
ලොව පෙමක් තිබේ නිකැලැල්
නැත කිසිත් එයට සම තුන්කල්

සුදු පියුම් පරදවන 
පිවිතුරුම පළමු පෙම...
ස්නේහයේ ගීතයේ 
සුමුදු මුදු රන් රාව...

ඉකිගසන ජීවිතේ සනසවා 
තුරුලු කරවා ලැමට දෝතින්...
ලොවම සනසන ලොවම නැලවෙන
අන් දෙයක් වෙයිද වෙන යම්...


Thursday, December 1, 2016

රහස්



සලිත ලලිත නෙත් රසඳුන්
රහස් ගෙනෙනවා... 
තුන්යම සිහින මැවෙනවා
සිත් මල විසිත වෙනවා...

හෙමින් සැරේ හොර රහසෙම
වෙලී වෙලී පවන් රොදක
මතක සුවඳ තවරාලා
රහස් කියනවා... 
හද විල රටා මැවෙනවා....

ඈත දුරක වළා රොදක
මොලකැටි සියුමලි මුදු ගුණ
සැරින් සැරේ දවටා ගෙන
රහස් කියනවා... 
කව්රුද රහස් අහනවා...


Friday, November 18, 2016

මඟ බලා



කොහෙන් කොතනින් ඇවිද ආවෙද
කෙදින කෙලෙසක නික්ම යාවිද
කිසිත් නොමදත් ජීවිතේ
සෙවනැල්ල වුව තනි රකීවිද
අඳුර රජයන විට ලොවේ...

මුවින් වැගිරෙන අමා මී වැල්
දස අතේ විසිරී තියේ
එවන් පදයක අරුත පසදින
උතුම් මනුදම් 
සැඟව ගියේ ඇයි ලොවේ...

හඬන සිතකට ගෙනෙන සැනසුම
මදහසෙත් සැඟවී තියේ
අමිල ගුණ දම් නැවත් පූදින
දවස එනතුරු
මඟ බලා සිටිමුද කෙසේ...


Tuesday, November 1, 2016

ආදරේ හිමිකාරි



පුරා පෙරුමන් පතා පැතුමන්
රුහිරු වගුරා කඳුලු වපුරා
දිනා ගත්තා මා...
මම ඔබේ කර ගත්තා...

කිරුල නොපලන් රැජිනියයි ඔබ
මහද ගැස්මේ රිද්මයයි ඔබ
මුදු සුමුදු සඳ සිසිලසත් පරයන
ආදරේ හිමිකාරියයි ඔබ...

බලා කල් යල් සුදු නෙලුම සොඬින් ගෙන
ඔබේ කුස වැඩි දෙව් පුතුන් නම් මම නොවේ
ජීවිතේ සැඬ කටුක යුගයක
සෙවු කෙන්බිම ඔබමවේ...

තවම නොදනිමි අන් කෙනෙක් මට
සම කරන්නට ඔබේ ලඳේ...
ජාති ජාතිත් පත්න්නේ මම
ඔබෙම වේවා සංසාරයේ...


Monday, October 17, 2016

අත්තටු ලැබිලා




විහිදී යාවී විසිරී යාවි 
සිතුවිලි දිගන්තයේ...
පවනැල්ලේ වෙලිලා
ඈතට දුර ආකාසේ...

සිතිජ ඉමව්වේන් එහා
නෙපෙනෙන ඉමකට
අත්තටු විහිදා...
පියඹා යන්නට යාවි

රහසක් හදවත පතුලේ
සහසක් මතකය අතරේ
සතුටක් ගෙන ආ සසරේ
වෙහෙසක් නිවූ දිවි කතරේ

ලැබිලා - අත්තටු ලැබිලා
හෙමිහිට යනවා -පියඹා 





Monday, October 10, 2016

ජීවන සක්මන



කලඹ කලඹා සහස් මතයකය
යන්නෝ ද එති එන්නෝ ද යති
සොඳුරු බව සොයලා...
දිවියේ පැහැ ගන්වා
තෙරක් නොදකින ජීවිතේ ලියලා....

නඟති කඳුලක් ගැඹුරු සුසුමක්
යලිත් හිනැහෙන්නටම වරමක් 
වරම් ලද උන් හමු වේද දිවියේ...
සදාකාලික වූ 
සොඳුරු බව ලද...

සැපත සදනා මං සොයාලා 
වෙහෙස වී
පවුරු පදනම් බිඳ වැටෙයිදෝ
මාවතක් නැති ජීවිතේ... 
ජීවිතේ... ගීතයේ....




Monday, September 19, 2016

පොතේ කතාව






දුර ඈත  වන අරණ - වැජඹුනේ පෙර දිනේ
නැණැස් එළි නගන්නලු - මිහිළි සිඹ සැගවුනේ

පත් අගට එක් රොක්ව - ගී ගැයුව විහඟුනේ
නුඹේ ගීයේ තාල නැති - කාලයක් ගත උනේ

නෙක රටා හැඩ දමා - මොනවාද ලියවුනේ
අරුත් පද කියාලයි - සහස් දන කියැවුවේ

සිත් පුරා පිබිදුවේ - නව ලොවලු හෙට දිනේ
පොත් ගුලක හිඳී අද - දහස් ගව් දුරු රටේ





දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash