අනන්ත ඇතට විහිදුන නිල් පාට අහස දිහා ඔබ කොයි තරම් වෙලා බලාගෙන ඉදල තියනවද.අන්න ඒ වගේ වෙලාවක ඔබටත් නිකමට වගේ හිතුනෙ නැද්ද අහස නිල් පාට ඇයි කියලා... පෙර ලිපියෙන් සදහන් කරපු විදියට අපි නැවතත් හමු වෙමු, විමසන්න, දැන ගන්න බොහොම සරලව,
දවල්ට අහස නිල් පාට ඇයි ? කියලා...
අහස නිල් පාට වෙන්න හේතුව පැහැදිලි කරන්නට පෙර ආලෝකය ගැන යමක් විස්තර කරන්න ඕන වේවි කියල හිතනවා.
ආලෝකය කියන්නේ තරoග ආකාරයට ගමන් කරනා එක්තරා ශක්ති විශේෂයක්. ඔබ දැනගෙන සිටියද සූර්යයාගේ ආලෝකය සැදී ඇත්තේ වර්ණ සමූහයක එකතුවක් විදිහට බව. අපි දේදුන්නේ පාට විදිහට දකින්නේ අන්න ඒ පාට සමූහය තමයි. රතු, තැඹිලි, කහ, කොල, නිල්, ඉන්ඩිගෝ, දම්. මෙන්න මේ පාට එකතුව. ඉතින් මෙයින්
නිල් ආලෝක තරගoය
රතු ආලෝක තරගoයට වඩා කෙටියි.
ආලෝකය ඍජු මාර්ගයක ගමන් කරනා අතර එය යම් භාධකයක ගැටුන විට,
- පරාවර්ථනය
- වර්ථනය
- ප්‍රකිරණය
කියන සoසිදියකට මුහුන දෙනවා.
අහස නිල් පාට වෙන්නත් බලපාන්නෙ අපේ වායුගෝලයේ ඇති ඉතා කුඩා වායු අණු. හිරු කිරණ අපේ වායුගෝලයට පිවිසිලා වාතයේ තිබෙන වායුන් සහ අoශුන් මගින් සෑම දිශාවකටම විසිරෙනවා. සූර්ය ආලෝකයේ ඇති අනෙක් වර්ණයන්ට වඩා නිල් ආලෝකය කෙටි,කුඩා තරගoයක් නිසා ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා.
ප්‍රකිරණය වෙනවා කියන්නෙ කුඩා වායු අණු ආලෝකය අවශෝෂණය කරගෙන සියලු දිශාවන් වෙත විහිදීම.
ආලෝක තරගයේ තරග ආයාමය කෙටි වෙන තරමට මෙය සිදු වීම පහසු වෙනවා. දෘශ්‍ය ආලේකයේ කෙටිම තරග ආයමය සහිත වෙන්නෙ නිල් පැහයෙ නිසා වායු ගෝලයේ ඇති ඉතා කුඩා අණු මගින් ඉතා හොදින් ප්‍රකිරණයට ලක්වෙනවා. එබැවින් අපිට බොහෝ විට
අහස නිල් පැහැයෙන් පෙනෙනවා.
ඒ වගේම තමයි ක්ෂිතිඡයට ආසන්න වෙන තරමට අහසෙ පැහැය වඩාත් ළා වර්ණයක් බවට පත් වෙනවා. ඊට හේතුව තමයි එවිට ආලෝකය වායුගෝලය හරහා වැඩි දුරක් ගමන් කල යුතුවීම. ආලෝකය වෙනත් දිශා වලටත් විහිදී ගොසින් අඩු නිල් ආලෝකයක් අපේ ඇස වෙත ලඟා වීම. එබැවින් ක්ෂිතිඡය ආසන්නයේ අහස වඩාත් ළා නිල්, සුදු පැහැයට ආසන්න වෙනවා.
ඉතින් අපි ඉදිරි ලිපි තුලින් තව දුරටත් හමුවෙමු. අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...