Wednesday, September 5, 2012

බින්දු බින්දු තාරකා...

Sparkly Smiley Star

ම්ම්ම් මෙ දවස් වල ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න වෙලාවට එක එක විදිහෙ සිතුවිලි පහල වෙනවා. මෙකත් ඉතින් කරන්න වැඩක් නැති කමට කරන්න හිතුන වැඩක්.හි හී... බලන්නනකෝ. ආහ්හ්හ් ඊට කලින් කියන්න ඔනා, මගෙ මේ තාරුකා වල දාන්නෙ තරු ගැන කියලා මුලින් හිතාගෙනම හිටියත් මට මේ දැන් එ අදහස වෙනස් කරන්න හිතුන නිසා තමයි මේ වගේ වැඩක් කොරන්නට හිටුවෙ :පී මේක ලිව්වට පස්සෙ මටත් දවල් තරු පෙනෙයිද මන්දා...

 අපිට ඔනම ගානක් 0න් ගුණ කරන්න කියලා විභාගෙ paper එකේ දකින එක තරම් සතුටක් තවත් නෑ. අපි ඉතින් ඒ වගේ වෙලාවට හරියට super hero කෙනෙක් වගේ. හරියට නිකන් කජු කනවා වගේ වැඩක්. (හැබැයි දැන් කජුත් හරි ගනන්ලු.)


ඉතින් ඔය විදිහට ගත්තාම අපිට හිතෙන්නෙ බින්දුවෙන් බෙදන එකත් හරියට බින්දුවෙන් ගුණ කරනවා වගේ බොහොම ලේසි පහසු වැඩක් වෙන්න ඇති කියලා. නමුත් ඇත්තටම ගණිතය පිලිබදව විශේෂිත හැදෑරීමක් නැතිනම් සoඛ්‍යාවක් බින්දුවෙන් බෙදීම පිළිබඳ එතරම් හැඟීමක් නෑ. ඉතින් බින්දුවෙන් බෙදන එකත් බොහොම පහසු වැඩක් කියලා හිතනවා නම් මෙන්න වැඩ. අපි 1 = 2 කියලා  ඔප්පු කරලා බලමුද???



1 = 2 බව සාධනය කිරිම.

a= b යැයි අපි ගනිමු.
a, b කියන්නෙ ඕනෑම තාත්වික සoඛ්‍යා යැයි ගනිමු.

a2 = b2
a2 - b2 = a2 - b2

a = b නිසා, a2 = a .b වේ.

a2 - a.b = a2 - b2
a( a - b ) = ( a - b )( a + b )
අපි දැන් දෙපසම (a - b ) වලින් බෙදමු.

එවිට
a = a + b
a= b නිසා
a = 2a දැන් දෙපසම a වලින් බෙදු විට,

1 = 2 වේ.

කොහොමද බින්දුවෙන් බෙදුවාහම වැඩ...

ඉතින් මේ වගේ අළුත් අළුත් දේ අරගෙන නැවතත් හමුවෙමු. එක් වන්න තාරුකා සමන්ඟින්, අපි නොහිතන නමුත් අපි අවටම තියන දේ පිලිබඳ කතා කරන්න. නොදත් දේ ගැන දැන ගන්න. දන්න දේ ගැන තවත් දැන ගන්න. සැඟවිලා තියන සුන්දරත්වය රස විදින්න. මේ තවත් ඇරඹුමක් නොව නව ඇරඹුමක් පිලිබද සිහිනයක්ම පමනයි...


4 comments:

  1. Replies
    1. ම්ම්ම්... වැරද්දක් දකී නම් පෙනවා දෙන්න. 0න් බෙදීමෙන් දෝශ මතුවන බව හා එම දෝශ මතු වන අවස්ථාවක් පෙන්වීම මෙහි අරමුණයි.

      Delete
  2. Replies
    1. ස්තුතියි... කියවලා බලන්න. මේකේ වැරදි දෙයක් හරි කියලා ඔප්පු කරලා තියනවා :P :D

      Delete

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash