Wednesday, August 16, 2023

දෙහි

 




දෙනකොට දෙහි

මදි නොකියන්නම

ඇබුලටම...


මිරිකලා හොදටම

හදනවා බීම

පැණි බේරෙන්නම

මදි නොකියන්න


Photo by Yethu Mtshali on Unsplash

Monday, December 12, 2022

මිරිගුවක දුවනවා


 

සිහින සොයන්න, සිහින දකින්න

පෙරුම් පුරනවා පැතුම් පතනවා

කවදා උදාවේදෝ නොදන්නා

මිරිගුවක දුවනවා

නිදහසක්, නිදහසක් සොයනවා

නොලැබුනත් පතනවා පතනවා

නිදි නැතුව සොයනවා පතනවා

මිරිගුවක දුවනවා

Tuesday, February 1, 2022

කඳුලු බිඳු


 කඳුලු බිඳු බර උනත් කෙතරම් නෙත් කෙවෙනි අඟ

රුව බලන කල කැඩපතින්

නොපෙනේය එතරම්ම බර

මහා සුවිසල් කඳුලු කැට

Wednesday, September 15, 2021

සිනාසෙන්න

 



සිනාසෙන්න වරම් දෙන්න

පැතුම් මිටක් විසි කරන්න

ඒ සිනහව පුබුදුවන්න

නෙතේ කැළුම් මට පුදන්න


හිරිමල් හිත කිති කැවෙන්න

එක බැල්මක්වත් හෙලන්න

කෝළ හැගුම් උතුරුවන්න

ඒ ඇති මගෙ හිත පිරෙන්න

Friday, July 17, 2020

අපි වෙන් උනා

2932x2932 Dove Bird Flying Away Ipad Pro Retina Display HD 4k ...


අතීතේ දුර ඈතක
නොහිතාම අපි හමු උනා
වසන්තෙ අග දවසක
නොහිතාම අපි වෙන් උනා

Friday, March 30, 2018

හැන්දෑවේ




චංචල වී ගල් ගැහුනා සිත මොහොතක්
සිතන්න වත් සිත් නැති නිමේශයේ
පුපුරා වැටුනා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

දබර කරන ඉවසිලි නැති මහ හුළඟක්
අරන් ආව අන්ධකාර වළාකුලක්
ගුගුරා හැලුවා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

රූරා වැටුනා සිත්තම් ඇදුනා
කවි සිත සැලුනා පද වැල් බැදුනා
උතුරා යන මහ වැස්සක්
ඉඩෝරයක ඉම දකිනා හැන්දෑවේ



Thursday, November 9, 2017

ගිම් නොනිමි



මන බඳින නෙක දසුන්
නඟයි මදහස් හැඟුම්
දරා ගෙන නෙක සිතුම්
ගෙවෙයි දින කල් ගෙවුම්...

වතේ රැඳි මදහසින්
සැරසෙයිද සිත සිතුම්
සුනිල් සන්සුන් හැඟුම්
මතු වෙයිද විඩාවෙන්...

රඟ මඬල නළු දනන්
නෙක මුහුනු පලදමින්
සොයයි සැනසුම් සුසුම්
ගිම් නොනිමි ජීවිතෙන්...

දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash