Friday, March 30, 2018

හැන්දෑවේ




චංචල වී ගල් ගැහුනා සිත මොහොතක්
සිතන්න වත් සිත් නැති නිමේශයේ
පුපුරා වැටුනා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

දබර කරන ඉවසිලි නැති මහ හුළඟක්
අරන් ආව අන්ධකාර වළාකුලක්
ගුගුරා හැලුවා මහ වැස්සක්
ගන අඳුරට අත වනනා හැන්දෑවේ

රූරා වැටුනා සිත්තම් ඇදුනා
කවි සිත සැලුනා පද වැල් බැදුනා
උතුරා යන මහ වැස්සක්
ඉඩෝරයක ඉම දකිනා හැන්දෑවේ



Thursday, November 9, 2017

ගිම් නොනිමි



මන බඳින නෙක දසුන්
නඟයි මදහස් හැඟුම්
දරා ගෙන නෙක සිතුම්
ගෙවෙයි දින කල් ගෙවුම්...

වතේ රැඳි මදහසින්
සැරසෙයිද සිත සිතුම්
සුනිල් සන්සුන් හැඟුම්
මතු වෙයිද විඩාවෙන්...

රඟ මඬල නළු දනන්
නෙක මුහුනු පලදමින්
සොයයි සැනසුම් සුසුම්
ගිම් නොනිමි ජීවිතෙන්...

Thursday, August 31, 2017

aluth mihira

Image result for new beginning


සහස් සිතුවිලි රහස් කියනා
සීත මැදියම සසලවා
හීන තැවතුර සිතම මත් උන
සොඳුරු ගී පද කියවෙනා...

නීල දෙනයන මතින් මත් කල
රුවක් සිත්තම් වෙලා
සුසුම් පොද හද නැගෙන රාවය
අලුත් මිහිරෙන් සැරසුවා...


Thursday, June 15, 2017

සියපත




ළහිරු කිරණින් පිබිද - අවසරද හිනැහෙන්න
ගී ගයන විහඟුනේ - කියන් රහසින් මෙමට

තිමිර බිඳ සිනාසෙන - සොඳුරු සියපත වෙන්න
සහස් අරුණලු එක්ව - මකරන්ද විහිදන්න
විඩ බර ලෝ සතට - සිනා කැන් පොද වෙන්න
කලල් දිය මැඩ එන්න - අවසරය මට දෙන්න


Wednesday, May 17, 2017

පොඩි කුරුල්ලෙක් වගේ



සොඳුරු නම් මල් සුවඳ වාගේ
සිහිල් නම් මද පවන වාගේ
ගලා යද්දෙන් ඔහේ 
පා වෙලා ජීවිතේ...

රැදුනි නම් මුදු ගුණය සේම සඳේ
පියකරුයි නම් සිතුම් වැල් නිති හදේ
පසුතැවි නම් තිබුනදෙන් කොහේ
ගලායන්නට ඉඩ දෙන්න ජීවිතේ...

තටු සලා පොඩි කුරුල්ලෙක් වගේ...
ඉගිලිලා 
ඈත නිල් ආකහේ...


Tuesday, April 25, 2017

ලුහුබදිති



අගක් නැති මුලක් නැති
මඟක් ඇති ලොවක් ඇති
සිනා කෙළි කවට ගති
සුසුම් ලැතැවුල්ද ඇති

නේක දන සැරිසරති 
ජය ටැඹක් සොයා නිති
සම බරද දන්නෙ නැති
මිරිඟු දිය ලුහුබදිති



Tuesday, April 11, 2017

පාවෙලා


විඳිමි විඳිනෙමි පාවෙලා
සිහිල් සුලඟේ දැවටිලා
සුමුදු සුදු මුදු තටු සලා
ජීවිතේ රස ඉම් සොයා

නිකිමිලා මව් සෙනේ උතුරන
ලොවෙන් දිවි මං පෙත් බලා
හමුවේද කෙම්බිමක් කෙදිනක
සිහිල් උනුහුම ගැවසෙනා

රැවටෙනා සිත නේක සිතුවිලි
පිරිවරා හැඟුමන් පුරා
මිරිඟු දියවර ගිම් නිවාවිද
දැවෙන සිත සිහිලක් වෙලා





දෙහි

  දෙනකොට දෙහි මදි නොකියන්නම ඇබුලටම... මිරිකලා හොදටම හදනවා බීම පැණි බේරෙන්නම මදි නොකියන්න Photo by Yethu Mtshali on Unsplash