මන්දාරම් නුවරට මන්දාරම් අඳුරේම
මගේ හිත හැමදාකම ඇවිදන් යාවී
හිත රැදි ඔය හිනාව හිමි නැති බව කිව්වට
හැබැහින් දැක ගන්නට පෙරුම් පුරාවී
යදමින් විලංගු ලා සිරකරලන්නේ කෙලෙසක
මන්දාරම් වැසෙසේම් දුක් කවි පද පබැදේවී
විහඟුන් ඒ ගී වැල් රහසේ මුමුනන කොට
හද බැදි පෙම තව තව ලියලාවී
මගේ හිත පුරවාගෙන ඉකිලන සිතුවිලි පෙල
සීතල හැන්දාවේ පාළු මකාවී
මුලු නුවරම කළු කර කප්පරකට බැදි සෙනෙහස
මහ වැහි විලස දසත දොර ගලාවී