විසල් සිතුවිලි ගිගුම් දේ හද පාරවා හැඟුමන්
ලොවක් නිදිගත් මැදියමේ සිත හඬයි ඉකි ගසමින්
මගේ අතගෙන මටද පෙම්බැදි ඔබද මේ සිතමින්
සුසුම් ගුවනට විසි කරන්නම් පරම පිවිතුරු ප්රෙමයේ නාමෙන්
පතිනියක වී අපේ ලොව තුල කිරුළ දරනට දුටු සිහින වියැකෙයි
යෙහෙළියන් ආසිරි සිනා මැද කුලගෙට වඩිනු දුටු සඳ ඇස සෙමින් තෙත් වෙයි
ඇගේ අතගෙන එහි සිටින්නෙ සිටින ඔබමදැයි සිත මගෙන් විමසයි
අමිහිරිම ඒ පිලිතුර සැබෑ බව අද ලොවම මට පවසයි...